Header Ads

සීත කාලයේ සෙම්ප්‍රතිශ්‍යාවෙන් බේරෙන්න Vitamin C අඩංගු මෙන්න මේ ආහාර නොවරදවාම ගන්න.


සීත කාලයේ සෙම්ප්‍රතිශ්‍යාවෙන් බේරෙන්න Vitamin C අඩංගු මෙන්න මේ ආහාර නොවරදවාම ගන්න. 

 දෙසැම්බර් මාසය උත්සව මාසය වගේම නොඅඩු සීතලත් පවතින සමයක්. මේ නිසාම සෙම් රෝග වලිනුත් අඩුවක් නෑ. මේ නානාවිධ සෙම් රෝග වලින් ගැලවීමට Vitamin C හොද ඖෂධයක්‍. ඒ වගේම ප්‍රතිශක්තීකරණ පද්ධතියද මෙමගින් ශක්තිමත් කරනවා. බොහෝ දෙනෙක් දන්නේ Vitamin C අඩංගු ආහාර කියන්නේ දෙහි පවුලට අයත් වර්ග විතරයි කියලයි. නමුත් ඉන් ඔබ්බේ ඇති Vitamin C අඩංලු ආහාර වර්ග රැසක් මේ ලිපියෙන් ගෙන ඒ.

01. ගෝවා


ගෝවා වල vitamins C හා K මෙන්ම folate, ඛණීජ, තන්තු හා ප්‍රතිඔක්සිකාරක ද අඩංගු වේ. අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ ගෝවා මගින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම හා පිළිකා හා දියවැඩියා අවධානම ද පහත හෙළන බවය.



02. රතු බෙල් පෙපර්


මේවායේ vitamins C අඩංගු වන අතර, සීනි අවම ප්‍රමාණයක් අඩංගු වේ. නමුත් මේවා පිසීමේදී මෙහි ඇති vitamins C විනාශ වේ. එනිසා මේවා අමුවෙන් ආහාරයට ගැනීම වැදගත් වේ.



03. කැරට්

කැරට් වල beta-carotene, මැග්නීසියම් හා තන්තු මෙන්ම vitamins C ද අඩංගු වේ. මේ සියල්ලම ඔබගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරවයි. එමගින් සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලින් ඔබ මුදවයි.



04. අන්නාසි


අන්නාසි යනු vitamins C ලබාදෙන සුපිරි ආහාරයකි. මෙහි අන්තර්ගත එන්සයිම ජීරණයට සහභාගී වී බඩ පිපුම වළකාලයි. අන්නාසි වල වැඩි ජලය ප්‍රමාණයක් ද අන්තර්ගත වේ. අවශ්‍ය ප්‍රමාණයෙන් අන්නාසි ආහාරයට ගැනීම වැදගත් වේ. නැතිනම් මේවායේ ඇති වැඩි සීනි ප්‍රමාණය නිසා දියවැඩියාව වැළදිය හැක.



05. බෙරි වර්ග


සියලුම බෙරි වර්ග vitamins C ලබා දේ. මේවායේ අඩු සීනි ප්‍රමාණයක් අන්තර්ගත වන නිසා සෞඛ්‍යයට හිතකර වේ. මේවා හෘදයට, ජීරණ පද්ධතියට, ප්‍රතිශක්තීකරණ පද්ධතියට හා මොළයට වැදගත් වේ.



06. චෙරි


දිනපතා චෙරි ආහාරයට ගැනීම ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරවයි. සුවදායී නින්දක් ද ලබා දේ.



07. රාබු


වැඩිදෙනෙක් අකමැති වුවත් රාබු වල vitamins C අඩංගු වේ. මෙහි අඩු කාබෝහයිඩ්‍රේට පුමාණයක් අන්තර්ගත වේ.

 

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.