Header Ads

නිවෙසේ ජනෙල් ඕනෑවට වඩා වැඩි නම් දරුපල අහිමිවීම් ගබ්සා වීම් අකල් මරණ ඇතිවෙන්න පුළුවන්.


නිවෙසේ ජනෙල් ඕනෑවට වඩා වැඩි නම් දරුපල අහිමිවීම් ගබ්සා වීම් අකල් මරණ ඇතිවෙන්න පුළුවන්.

නිවෙසක් කියන්නේ අපි කොයි කාගෙත් බලාපොරොත්තුවක් අපි ජීවිත කාලයේම හරිහම්බ කළ දේ යටකරන්නේ නිවෙසක් හදන්න. සැනසීම, සතුට හොයාගෙන යන්නෙත් නිවෙසට. පුංචි වැලිකැටයේ ඉඳන් මහ විශාල මැඳුරු දක්වාම හිතා ගන්න බැරි තරම් සංකීර්ණ ක්‍රියාවලියක් තිබෙනවා. වාස්තු විද්‍යාවත් එක්කම ගොඩනැඟෙන නිවෙසක සතුට සැනසීම ජීවිත කාලය පුරාවටම රඳවාගන්න පුළුවන්.

තමන්ට මුදල් තිබූ පමණට අමුද්‍රව්‍ය තිබූ පමණට හිතුමතේ ඒවා භාවිත කිරීමෙන් මහා මන්දිරයක වුණත් තියෙන්නේ දුක් කරදර මුළු නිවසේම රජයන්න පුළුවන්. ඒ නිසා වාස්තු විද්‍යාත්මක කරුණු පිළිබඳ දැනුම්වත් තිබෙන අයෙකුගේ උපදෙස් හා අනුදැනුම මත කටයුතු කරන්න.

ජනෙල් කියන්නෙත් මුදල් හා අමුද්‍රව්‍ය තිබූ පමණින් හිතුමතේ තැබිය යුත්තක් නෙමෙයි. ගෘහ අලංකරණයේදී ජනෙල් කියන්නේ නිවෙසේ සුන්දරත්වය වැඩි කරන ප්‍රධාන අංගයක්. සුන්දරත්වයට වගේම පිරිසුදු වාතාශ්‍රය සහ හිරු එළිය නිවසට ගලා ඒමට ඇති අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා වාස්තු විද්‍යාවේදී ජනෙල් තැබීමටත් විශේෂ අවධානයක් යොමුකරනවා. වාස්තු විද්‍යාත්මක කරුණු නොසලකා මුදල් හා අමුද්‍රව්‍ය අනවශ්‍ය පරිදි යොදවමින් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ජනෙල් යොදා තිබේ නම් දිග් වක්‍ර දෝෂය හසුවීමෙන් නිවැසියන්ට දරුපල හීන වීමෙන් ගබ්සා වීමෙන් හෝ දරුවකුගේ අකල් මරණයකින් පීඩා විදීමට සිදුවේ.

ඔබ නොදැනුවත්කම නිසා මුදල් අගහිඟකම් නිසා හෝ අමුද්‍රව්‍ය නොමැති වීමෙන් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ජනෙල් යොදා තිබීම කාන දෝෂය ඇතිවීමට හේතුවක්. කාන දෝෂය නිසා එම නිවැසියන්ගේ ඇස්පෙනීමේ දෝෂ ඇතිවෙනවා. ඔවුන් මිථ්‍යා දෘෂ්ටිකයන් වීමටද එය බලපානවා. රෝගපීඩා කේ‍රා්ධය ඇතිවීම සහ ධනය හිඟවීම ඇති කරමින් ‘අන්ධක’ නම් දෝෂ තත්ත්වය ඇති කරන්නේත් අවශ්‍ය ප්‍රමාණයට ජනෙල් නොයෙදූවිටයි.

ජනෙල් 3 තුනක් උළුවහු තුනක් සමඟ හෝ ජනෙල් දෙකක් හා උළුවස්සක් හෝ උළුවහු 2ක් හා ජනේලයක් එකසේ සමාන්තරව පිහිටා තිබීම ‘ආලෝක හා වායු පෘෂ්ඨ’ දෝෂය ඇතිවීමට හේතුවක්. යම් නිවෙසක් මෙම දෝෂය ඇතිවන පරිදි ජනෙල් උළුවහු පිහිටුවා තිබේ නම් මාරක අනතුරු සහ චිත්ත පීඩා ඇතිවීමට මෙම තත්ත්වය බලපානවා.

ප්‍රධාන ද්වාරයක් හෝ ජනේලයකට ඉහළින් ප්‍රධාන මුදුන් ලීය මුල පරාල හෝ කරු පරාල පිහිටා තිබීම එම නිවෙසේ නිවෙස් හිමියාට අනවශ්‍ය පීඩනයකින් කාලය ගත කිරීමට සිදුවෙනවා. තට්ටු නිවාස, මහල් නිවාස තැනීමේදී බිම්මහලේ උළුවහු, ජනෙල්, ඩෝ වින්ඩෝ, ෆෑන් ලියිට්, ස්ලයිඩින් වින්ඩෝ වැනි අංගෝපාංගයන්ගේ එකතුව ඔත්තේ ගණනක් විය යුතුයි. ඉතිරි මහල් වල ඉරට්ටේ ගණනක් විය යුතුයි. එසේ නොවුණහොත් එම නිවෙස වාස්තු දෝෂ සහිත ඉඩමක් නිසා නිවැසියන්ට දුක් කරදරවලට මුහුණ දීමට සිදුවේ. එනිසා නිවෙසක් තැනීමේදී ජනෙල් තැබීමේදී එය නිවෙසට ආලෝකය අලංකාරය පමණක් නොව ජීවිතයටම ආලෝකය රැගෙන එන වාසනාවන්ත පිහිටීමක් කරගැනීමට විමසිලිමත් වන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.