Header Ads

වට පණුවාගෙන් දරු ඵල වැඩි කර ගැනීමේ විශ්මිත ක්‍රමයක් මෙන්න.විද්‍යාඥයන් පිරිසකගේ අලුත් සොයා ගැනීමකි.


වට පණුවාගෙන් දරු ඵල වැඩි කර ගැනීමේ විශ්මිත ක්‍රමයක් මෙන්න.විද්‍යාඥයන් පිරිසකගේ අලුත් සොයා ගැනීමකි.


පරපෝෂිත පණුවන් ආසාධනය වීමෙන් දරුවන් ලැබීමේ හැකියාව වර්ධනය වන බව විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇත. බොලීවියාවේ දේශීය කාන්තාවන් 986 දෙනකු යොදාගෙන වසර නමයක කාලයක් කරන ලද පර්යේෂණයක ප්‍ර‍තිඵල ජාත්‍යන්තර විද්‍යා සගරාවේ ප්‍ර‍කාශයට පත්කරමින් ඔවුහු ඒ බව කියති.
පර්යේෂකයන් පවසන්නේ ඇස්කාරිස් ලුම්බ්‍රිකොයිඩ්ස් ලෙස හදුන්වන වටපණුවන් විශේෂය කාන්තාවන්ගේ සිරුරේ ආසාදනය වූ විට එම කාන්තාවන්ගේ දරුවන් බිහිකිරීමේ හැකියාව හෙවත් සරු බව වර්ධනය වන බවයි. කාන්තාවන්ගේ පහසු ගැබ් ගැනීමට හේතු වන්නේ පණුවාගේ ආසාදනයත් සමග ප්‍ර‍තිශක්තිකරණ පද්ධතියේ සිදුවන වෙනස්කම් බව ද ඔවුහු කියති.
බොලීවියාවේ දේශීය කාන්තාවන් අතර දරුවන් ලැබීමේ සාමාන්‍ය ප්‍ර‍මාණය එක් කාන්තාවකට දරුවන් නම දෙනකු බව ද පර්යේෂකයෝ කියති. මේ කාන්තාවන්ගෙන් සියයට 70ක් පරපෝෂිත පණු රෝගයෙන් පීඩා විදින බව ද ඔවුන් තහවුරු කරගෙන ඇත.
ලෝක ජන ගහණයෙන් තුනෙන් එකක් පමණ පණු රෝග වලින් පීඩා විදින බවත් පවසන පර්යේෂකයන් පෙන්වාදෙන්නේ කොකු පණු ආසාදනය මෙයට ප්‍ර‍තිවිරුද්ධ ප්‍ර‍තිඵල අත්කර දෙන බවයි.
පර්යේෂණය සිදුකළ කැලිෆෝනියාවේ සැන්ටා බරාරා විශ්වවිද්‍යාලයේ ප්‍ර‍ජා සෞඛ්‍ය මහාචාර්ය ආරොන් බ්ලැක්වෙල් මහතා පවසන්නේ මේ ප්‍ර‍තිඵලය තම පර්යේෂක කණ්ඩායම බලාපොරොත්තු නොවූ තරම් පුදුම සහගත එකක් වූ බවයි.
‘‘සාමාන්‍යයෙන් කාන්තාවක් ගැබ්ගත් විට ප්‍ර‍තිශක්තීකරණ පද්ධතිය ස්වභාවික වෙනසකට භාජනය වනවා. එය ගැබ්ගැනීමට හිතකාමී වෙනසක්. මේ පණුවන් ආසාදනය වූ විට සිදුවන්නේ ද ගැබ් ගැනීමකට සුදුසු ආකාරයට සමානව ප්‍ර‍තිශක්තීකරණ පද්ධතිය වෙනස් වීම. මේ හේතුවෙන් කාන්තාවන්ගේ සරු බව නැතිනම් දරුවකු බිහිකිරිමේ හැකියාව පුදුමාකාර ලෙස වර්ධනය වනවා. “
පරපෝෂිත පණුවන් පිළිබඳ විශේෂඥ මහාචාර්ය රික් මයිසෙයිල්ස් පවසන්නේ වට පණුවා ආසාධනය විම භයානක තත්ත්වයක් බවයි. මේ ආසාදන තත්ත්වයන් හේතුවෙන් තුන්වෙනි ලෝකයේ රටවල ජනගහණය වර්ධනය වීම පාලනය අපහසු වී ඇතැයි ද හෙතෙම පවසයි.
දරුඵල පිළිබද මහාචාර්ය ඇලන් පැකේ පවසන්නේ වටපණුවා ආසාදනය විමෙන් කාන්තාවන්ගේ සරු බව වැඩවීම සිදුවේ යැයි සොයා ගැනීම මහත් කුතුහලය දනවන හා පුදුමය උපදවන දෙයක් බවයි.
මේ සොයා ගැනීම ලෝකයේ දරුඵල නොමැතිව දුක්විදින කාන්තාවන්ට මවක් වීමේ සිහිනය පහසු කිරිමට හේතුවක් වනු ඇතැයි ද මාහාචාර්ය ඇලන් පැකේ පවසයි. 


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.