Header Ads

විවාහා උනාට පස්සේ ඔබේ ජීවිතයේ තිබුණ සතුට අඩුවෙලාද? මෙන්න එකට විසදුම්.


විවාහා උනාට පස්සේ ඔබේ ජීවිතයේ තිබුණ සතුට අඩුවෙලාද? මෙන්න එකට විසදුම්.
 
විවාහයක් සාර්ථක වීම කෙරෙහි දෙදෙනා අතර පවතින ආදරය මෙන්ම ලිංගික අවශ්‍යතාවයත් සෘජුව බැඳී පවතිනවා. ‘විවාහයේ ආශ්වාදය රැඳී තිබෙන්නේ ලිංගිකව එක්වීමෙන් ලැබෙන සතුටට සාපේක්ෂව’ කියා ප්‍රසිද්ධ කියමනක්ද තිබෙනවා.

නමුත් විවාහයෙන් කාලයක් ගත වී දරුවන් ලද පසු මේ සියල්ල වෙනස්වෙනවා. ලිංගිකත්වය හා බැඳුනු අවශ්‍යතාවන් තාවකාලිකව යටපත් වෙලා වගකීම් හිස ඔසවනවා. නමුත් අලූ යට සඟවපු ගිනි පුපුරක් වගේ එලෙස තාවකාලිකව යටපත් කළ ආශාවන් විටින් විට උඩට මතුවෙනවා. ඒවා සංතෘප්ත කරගැනීම විවාහ දිවියේ සාර්ථකත්වයට අතිශය වැදගත්.

අවශ්‍යතාව කොපමණ තිබුණත් දරුවන් සමග ලිංගික කාර්යයට වෙලාවක් සොයා ගැනීමඅපහසුයි. ඒත් සැමියා සහ බිරිය අතර ඇතිවියයුතු ලිංගික බැඳීමට කුමන හෝ හුවමාරු මාධ්‍යයක් අවශ්‍යයි. ඒ සඳහා තරමක උත්සාහයක් ලෙස ලිංගික කාරණා සම්බන්ධයන් කෙටි පණිවුඩ හුවමාරු කරගැනීම පෙන්වාදෙන්න පුළුවන්. ඒ පණිවුඩ විවිධාකාර ලෙස ඇයට හෝ ඔහුට යොමුකරවන්න පුළුවන්. ඊ මේල් මාර්ගයෙන්, ලන්ච් බොක්ස් එකට බහාලන පොඩි තුණ්ඩු කෑල්ලක් මාර්ගයෙන් මේ ඕනෑම ක්‍රමයකටහෝ ලිංගික සන්නිවේදනය කළහැකියි.

දරුවන් ඉපදීම,වයස මුහුකුරා යාම,වගකීම් බහුල වීම, වැනි සාධක නිසා ඔබ දෙදෙනාගේම පෙනුම බොහෝ සෙයින් වයස්ගත වෙලා. නමුත් පිරිසිදුවට සහ ලස්සනට වාසය කරන්න පුරුදුවීමෙන් අනුරාගික හැඟීම් කුළු ගන්වන්න පුළුවන්. එවැනි ලිංගික හැගීම අවදිකරවන ආකාරයේ ධෛර්යයක් ඇතිකරවීම දෙදෙනාගේම වගකීමක්.

ලිංගික කාර්යයට වෙලාවක් නැහැ කියන ඉතාම පහසු පිළිතුරට වඩාට වෙලාවක් සොයාගැනීමට උපායශීලිවිය යුතුයි. ඒසඳහා නිර්මාණශිලී විය යුතුයි. මේ වෙලාව උදාවෙන්නේ හරිම කලාතුරකින් නිසා ඇඟට මහන්සියි කියන එක ඒ තරම් සාධාරණ උත්තරයක් නෙමෙයි.කොයි තරම්වැඩ තිබුණත් මේ වෙලාව ඉතාම සතුටින් වෙන්කර ගන්න උත්සාහ ගන්න.

විවාහ දිවියේ ලිංගික සතුට අතුරුදන් වුණොත් පවුලේ සමගියටත් එය බලපානවා වෙන්න පුළුවන්. ලිංගික ගැටළු වෙනත් ස්වරූපයෙන් මානසික පීඩන ලෙසින් බාහිරට විවෘත වෙනවා. මේ නිසා අපහසුවෙන් වළදාලා තියෙන හැඟීම් වලට මතුවෙන්න ඉඩ දෙන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


 

No comments:

Powered by Blogger.