Header Ads

ලොව සියලු දෙනා මවිත කල ස්වභාවික ලෙස හිසකෙස් වර්ධනය කල හැකි මායා වට්ටෝරුව.


ලොව සියලු දෙනා මවිත කල ස්වභාවික ලෙස හිසකෙස් වර්ධනය කල හැකි මායා වට්ටෝරුව.


කිසිවෙකු හිසකෙස් ගැලවී යාමක් හෝ තට්ටය පෑදීමක් පිළිබද පවසනවා නම් පළමුව අප සිහියට නැගෙනුයේ එම පුද්ගලයා වයසට ගොස් ඇති බවය. නමුත් මෙයට එකම හේතුව එම පුද්ගලයා වයසට යාම නොව. වර්තමාන ජීවන රටාව, පරිසරය සහ ඒ ආශ්රිත අනෙකුත් සාධක වන පරිසර දුෂණය, ආතතිය සහ ආහාර වල විෂ ද්රව්ය වලට ස්තුතිවන්ත වෙන්නට අද කාලයේ තරුණ ළමයින් පවා හිසකෙස් ගැලවීයමෙන් පීඩා විදිනු ලබයි.

හිසකෙස් ගැලවී යාම කාන්තා පුරුෂ යන දෙපාර්ශවයටම මෙන්ම එය පුද්ගලයින්ගේ පෞරුෂත්වයට ද විශාල වශයෙන් බලපෑම් කරනු ලබයි. ඔවුන් කිසියම් අකරතැබ්බයකට මුහුණ දුන් විට මිනිසුන් ඔවුන්ගේ සුපුරුදු පෙනුම ලබාගැනීමට විවිධාකාරයේ උපාය මාර්ග භාවිත කරයි. නමුත් බොහෝ විට ඔවුන් අවසන් වනුයේ ඉතාමත් දුක්ඛිත අකාරයටය.

අප එදිනෙදා දකින බහුතරයක් වෙළද දැන්වීම් තුලින් පෙන්නුම් කරන ආකාරයේ අත්දැකීම් ලබාගැනීම ඉතාමත් අපහසු කාර්යයක්ය. නමුත් මේ සදහා විසදුමක් මේ වන විට පවතී. එනම් හිසකෙස් නැවත ආරෝපණය කිරීම. නමුත් ගැටලුව වනුයේ මෙය අධික වියදම් සහිත මාර්ගයක් වන බැවිනි.

එසේනම් කෙසේද ඔබට ඔබේ හිසකෙස් ගැලවී යාමේ ගැටලුවට ලාභදායි සහ ප්රතිපලදායක විසදුමක් ලබා දිය හැක්කේ?

මේ සදහා හොදම සහ ආරක්ෂිතම විසදුමක් අප සතුව පවතී. මෙහි විශේෂත්වය වනුයේ අනෙකුත් ආකාර වල මෙන් නොව මෙහි වියදම් සහ කෘතීම රසායනික සංයෝග නොපැවතීමයි.

මෙහි පවතින පහසුව වනුයේ මෙය ඔබට ඔබගේ නිවස තුලදීම අත්හදා බැලිය හැකි වීමයි. ඒ සදහා ඔබට අවශ්ය වනුයේ සංයෝග තුනක් පමණි.

ෂප්ටැ ක‍රුාසඑ ඳ ිමචැරඒිඑහරුජසචැිගජදප

ක්ෂණික හිසකෙස් වර්ධන වට්ටෝරුව

අවශ්ය අමුද්රව්ය

එඩරු තෙල් - මේස හැදි 2
බිත්තර කහ මද - 1
මී පැණි - මේස හැදි 1

භාජනයක් ගෙන මෙම අමුද්රව්ය තුන දමා, එකිනෙක හොදින් මිශ්ර වන පරිදි හොදින් කලතා හිසකෙස් වල මුලෙහි සිට අග දක්වා සියුම්ව තවරන්න. අනතුරුව හිස් ආවරණයක් පැළද අවම වශයෙන් පැය දෙකක කාලයක් සිටින්න. අනතුරුව ආවරණය ඉවත් කර හිස හොදින් සෝදන්න. මේ ආකාරයට අවම වශයෙන් සතියකට එක් වතාව බැගින් මාස දෙකක් පමණ මෙම ක්රියා පටිපාටිය අනුගමනය කරන්න.

හිසකෙස් නැවත වර්ධනය සදහා මෙම ප්රතිකර්මයේ ඇති පිළියම්

එඩරු තෙල් - වසර දාස් ගණනක් ඈත අතීතයේ සිට හිසකෙස් ගැලවීයාම සදහා මෙම තෙල් භාවිතා කර ඇත. එහි ස්වාභාවිකවම බැක්ටීරියානාශක සහ දිලීරනාශක ගතිගුණ පවතී. එය ඉස්සොරි, හිස් චර්මයේ ඇතිවන ආසාදන තත්ව පාලනය කිරීම සදහා උපකාරී වේ. එඩරු තෙල් වල පවතින රෙසිනොලෙයික් අම්ලය මගින් හිසකෙස් වර්ධනය සහ හිසකෙස් හි මුල් දක්වා හොදින් ලේ ගමනාගමනය පවත්වාගැනීම සදහා උපකාරී වේ. විවිධ අධ්යනයන් තුලින් පෙන්නුම් කරනු ලබන ආකාරයට මෙම අම්ලයට සාමාන්ය හිසකෙස් වර්ධන වේගය පස් ගුණයකින් පමණ වැඩි කල හැක.

මී පැණි - මී පැණි ස්වාභාවික ප්රථිඔක්සිකාරයකයකි. එම නිසා දිලීරනාශක සහ විෂබීජනාශක ගුණ පවතී. මෙම සියලු ගතිගුණ සමග මී පැණි එහි ස්වාභාවික ඉටි සමග මිශ්රව ඇති කල්හි, හිසකෙස් ගැලවී යාම සදහා හොදම හිසකෙස් සකසනය ලෙස මී පැණි හැදින්විය හැක.

බිත්තර කහ මදය - හිසකෙස් සදහා වැදගත් පෝෂකයන් වන ඇමයිනෝ අම්ල සහ ප්රෝටීන, බිත්තර කහ මදය තුල බහුලවම අඩංගු වේ. ඊට අමතරව එහි හිසකෙස් වේගවත්ව වර්දනයට සහ නීරෝගිමත්ව පවත්වාගැනීමට අවශ්ය පෝෂක ද්රව්යද අඩංගු වේ. බිත්තර කහමදයේ අඩංගු වන බයොටින් නම් රසායනික සංයෝගය හිසකෙස් කුහර සහ කේශ මූලයන් නවීකරණය සදහා මහත් උපකාරී වේ.

මෙම සංයෝග තුන මගින් සාර්ථකව වේගවත් වර්ධනයක් සහ නීරෝගිමත් හිසකෙස් ඔබට ලබාගත හැක. මෙම ප්රතිකර්මය නිවැරදිව භාවිතය තුලින් ඔබට ඉස්තරම් හිස කෙස් සහිත මනා පෞරුෂත්වයක් ගොඩනගා ගත හැක. එමනිසා තව දුරටත් පිළිගත නොහැකි විවිධ ආකාරයේ රසායනික ද්රව්ය සමග ගැටීමට අවශ්ය නැත. ඔබේ හිසකෙස් ඉතා කෙටි කලකින් නීරෝගිමත් ලෙස වර්ධනය කරගත හැකි අතර නැවතත් ඔබ දිගු ආකර්ශනීය කේෂ කලාපයකින් හෙබි ආඩම්බර පුද්ගලයකු බවට පත් වනු නිසැකය.

නැවතත් ඔබට ඔබේ ආත්ම විශ්වාශය සහ ආකර්ශනීය බව ලගා කර ගත හැක. ඔබට ඔබේ ජීවිතේ ලබන්නා වූ සාර්ථකම හිසකෙස් වර්ධන ප්රතිකර්මය අත්විද බලන්න.





අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.