Header Ads

සිරුරේ තිබෙන විෂ නසන මේ පානය සතියකට වතාවක් ගෙදරදී හදාගෙන බොන්න පුරුදු වෙන්න.



සිරුරේ තිබෙන විෂ නසන මේ පානය සතියකට වතාවක් ගෙදරදී හදාගෙන බොන්න පුරුදු වෙන්න.
ඔබ සෙම්ප්‍රතික්ශාවෙන් පෙලෙනවාද? , ඉතා ඉක්මනින් වෙහෙසට පත් වෙනවාද? නැතිනම් ආසාදනයන් තිඛෙනවාද? එසේනම් එය ඔබගේ ශරීරයේ විෂ ද්‍රව්‍ය ඇති බවත් ඒවා ඉක්මනින්ම ශරීරයෙන් ඉවත් කල යුතු බවත් පවසන සාධක වෙන්න පුළුවන්. ඔබේ ශරීරය බැක්ටීරියා වල සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රහාරයට ලක් වී තියෙන්න පුළුවන්. නමුත් බය වෙන්න ඕනේ නෑ. මෙම විෂ ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කර ඔබගේ ශරීර සෞක්‍ය නැවත ඇති කර ගන්න නියම ක්‍රමයක් තිඛෙනවා.

ඔබේ ශරීරයේ සියලුම විෂ ද්‍රව්‍යන් ඉවත් කර ඔබව සුවපත් කරන පානයක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඔබටම මෙයින් ඇති වන වෙනස අත්විදින්න පුළුවන්.

මෙම පානයට කල හැක්කේ ඔබගේ ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම විතරක් නෙවෙයි. ඔබගේ ආහාර ජීරණ පද්දතිය සෞක්‍ය සම්පන්න කර ඔබට මනා ශරීර ශක්තියක් ලබා දීමද මෙයින් සිදු වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය
ඉගුරු මුල් කැබලි එකක් (තේ හැදි 1ක් පමණ කුඩු කර ගන්න)
දෙහි ගෙඩි 1ක්
ඇපල් ගෙඩි 4ක්
වතුර වීදුරු එකක්
ඔබට හැකිනම් සියලුම ආහාර පිරිසිදු රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ස්වාභාවික ඒවා තෝරා ගන්න.

සාදන ක්‍රමය

මෙය සාදා ගැනීම ඉතාමත් සරලයි. පළමුව දෙහි ගෙඩිය ලෙලි ගසා ගන්න. එම පොතු ගසා ගත් දෙහි ගෙඩිය ඉගුරු, ඇපල් සහ ජලය සමග ජූසරයකට දමා පානය සාදා ගන්න.

භාවිතා කරන ආකාරය

ඔබ මෙම පානය උදේ ආහාරය ගැනීමට පෙර හිස් බඩම පානය කරන්න.

ඔබටම ඔබේ ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් වෙන බව වැටහේවි. අහාර ගැනීමට පෙර ඔබට ඔබගේ ශරීර සෞක්‍ය හොද තත්වයට පැමිණුනු බව දැනෙන්නට ගනීවි.

ඉතින් මෙය ඔබම හදා ගන්න.., පානය කර බලන්න.. වෙනස වටහා ගන්න.. ජීවිතය විදින්න..
යහළුවටත් බලන්න ෂෙයාර් කරන්න.




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.