Header Ads

ඔබේ උදරය එල්ලා වැටෙනවාද? සති දෙකකින් තරබාරුව මට්ටු කරන ස්වභාවික වට්ටෝරුවක්.


ඔබේ උදරය එල්ලා වැටෙනවාද? සති දෙකකින් තරබාරුව මට්ටු කරන ස්වභාවික වට්ටෝරුවක්.


ඔබේ ශරීර ස්වභාවය පවත්වාගෙන යාමේදී නිසි හැඩයෙන් යුතුව පවත්වාගෙන යාමට අමාරුම කොටස උදරය බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. කොතරම් නිරාහාරව සිටියත්, කොතරම් මහන්සි වී ජිම් එකක ව්‍යායාම කළත් සම්පුර්ණ වශයෙන් උදරයේ තරබාරුව ඉවත් නොවන බවට බොහොමයක් කාන්තාවන් මැසිවිලි නගනවා.

නමුත් මෙහි අප දක්වන පුදුම හිතෙන වට්ටෝරුව භාවිත කළොත් ඔබට සති දෙකකටත් අඩු කාලයකදී ඔබේ කාලය, මුදල් හා ශ්‍රමය ඉතුරු කරගෙන අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට හැකි වේවි. මෙම වට්ටෝරුව ස්වභාවිකව මේදය දහනය කර උදරයේ තරබාරුව මට්ටු කරාවි.

මේ සඳහා ඔබට අවශ්‍ය වන ද්‍රව්‍ය

ග්‍රීන් ටී තේ හැන්දක්

බේ ලීව්ස් කොළ 3 ක්

කුරුඳු කැබැල්ලක්

වතුර මිලි ලීටර් 800 ක්

ඉහත සඳහන් කළ සියලු ද්‍රව්‍ය ඔබේ පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කිරීමට අතිශයින්ම වැදගත් වන අතර ශරීරයේ මේද දහන ක්‍රියාවලියට ද වැදගත් වෙනවා.

ඔබ කළ යුත්තේ කුමක්ද ?

වතුර ටික උණු කරන්න. දැන් උණු කරගත් වතුරට කුරුඳු කැබැල්ලත්, බේ ලීව්ස් කොළ තුනත්, ග්‍රීන් ටී තේ හැන්දත් එක් කරන්න. දැන් එය විනාඩි 15 ක් පමණ වසා තබන්න.

භාවිත කරන්නේ කෙසේද ?

ඔබේ පරිවෘත්තිය ක්‍රියාවලිය මගින්  අමතර මේදය දහනය කර ස්ථුලතාවය නැති කිරීමට ලොකු දායකත්වයක් සපයනවා. පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කිරීමට ඉතාම සුදුසු වේලාව වන්නේ උදෑසන නින්දෙන් අවදි වූ විගසයි. එමගින් දවස පුරාම ඔබේ අමතර මේදය දහනය වීමට උදව් සපයනවා. ඒ නිසා ඔබ ඉහත සඳහන් පරිදි සාදාගත් පානය මුලින්ම උදෑසන නින්දෙන් නැගිටි විගස හිස්බඩ පානය කළ යුතු වනවා.

දවසේ දෙවැනි පානය ලෙස උදෑසන ආහාරය ගත් විගස ඉහත පානය භාවිතයට ගැනීම කළ යුතු වනවා. තෙවනුව ඔබ නින්දට යාමට පෙරත් ඉහත පානය භාවිතයට ගන්න.

සති කිහිපයකින් ඔබේ උදරයේ ඇති මේද තට්ටු දිය කර හැරීමට කළ යුතු වන්නේ ඉහත සඳහන් කල වට්ටෝරුවේ ඇති පානය දවසට තෙවරක් බැගින් පානය කිරීම පමණයි.

ඔබට ඔබේ බර අඩු වන බව පළමු සතිය අවසානයේම දැකගත දැනේවි. ඒ තරමට මේ පානය ප්‍රතිඵල සහිතයි.

මෙයත් සමගම තවත් කරුණක් සිහියේ තබා ගත යුතුයි. ඕනෑම තරබාරුව නැති කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේදී ඒත් සමගම ඉතා හොඳින් සැලසුම් කළ සමබර ආහාර වේලක් ගැනීම සහ සාමාන්‍ය ශාරීරික ව්‍යායාම ක්‍රියාවලියක යෙදීමත් සිදු කළ යුතුයි.

ඉතාම වැදගත් කරුණක් වනුයේ ඔබ ගර්භණි හෝ කිරි දෙන මවක් නම් මෙම තරබාරුව නැති කරන වට්ටෝරුව භාවිත නොකළ යුතු වීමයි.

ඒ වගේම මෙම වට්ටෝරුව ඔබේ මිතුරන් සමග බෙදාගැනීමටත් අමතක කරන්න එපා.

පරිවර්තනය| කවිඳු හේවාගීගනගේ


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.