Header Ads

මුහුණේ තෙල් ගතියට සහ කුරුලෑ වලට ස්වභාවික ප්‍රතිකාර මෙන්න.


මුහුණේ තෙල් ගතියට සහ කුරුලෑ වලට ස්වභාවික ප්‍රතිකාර මෙන්න.
කුරුලෑ වලට ප්‍රධානම හේතුව තමයි මුහුණේ ඇති තෙල් ගතිය.තවත් හේතුවක් තමයි හෝමෝන වැඩි වීම හෝ අඩු වීම,අපි අද කියන්න යන්නේ මුහුණේ තෙල් ගතියට සහ ඒ නිසා ඇතිවෙන කුරුලෑ වලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ස්වභාවික ප්‍රතිකාරයක් ගැන.(කොහොඔ ප්‍රතිකාරය)

 01. මුලින්ම අපි මුහුණේ තෙල් ගතිය අඩු කිරීමට ප්‍රතිකාරයක් බලමු.


කොහොඹ තෙල් ග්‍රන්ථි වලින් ශ්‍රාවය වන අතිරික්ත තෙල් කළමනාකරණයට ඉතා ගුණ වේ.


 අවශ්‍ය ද්‍රව්‍ය :-  කොහොඹ කොළ 20ක් පමණ.(මුහුණේ ආලේප කරගැනීමට තරම්)
                                Lemon බිංදු 7- 8(කොහොඹ කොළ ප්‍රමාණයට)

උපදෙස් :-  කොහොඹ කොළ අබරා පල්පයක් සදාගන්න.එයට ලෙමන් බිංදු 7-8ක් එකතුකර හොදින් අබරාගෙන මුහුණ පුරා අලේප කරන්න.විනාඩි 20ක් තියෙන්නට හැර සෝදා හරින්න. ඔබටම මුහුණේ පෙරට වඩා නැවුම් ගතියක් දැනේවි.

 02. කුරුලෑ සදහා කොහොඹ ප්‍රතිකාරය.

කොහොඹ වල ඇති ප්‍රති බැක්ටීරියා කාරක ගුණය සහ ප්‍රති ශුද්‍රජිවී සහ ප්‍රති දිලිර ගුණ මගින් විෂ නසා කුරුලෑ ක්‍රියාකාරිත්වය අඩු කරයි.


අවශ්‍ය ද්‍රව්‍ය :- කොහොඹ කොළ 15-20

උපදෙස් :- කොහොඹ කොළ 15-20ක් වතුර මද ප්‍රමාණයක විනාඩි 2-3ක් තම්බා කොළ හොදට අඹරා ගෙන පල්පයක් සදා ගන්න.මෙය කෙලින්ම කුරුලෑ වලට අලේප කර වේලෙන්නට හරින්න.

මෙය 100% ස්වභාවික ප්‍රතිකාරයක් බැවින් කිසිදු අහිතකර බලපෑමක් නොමැත.






අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.