Header Ads

තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවෙන තයිරොයිඩ් පිළිකාවක මුල් ලක්ෂණ මෙන්න මේ ලක්ෂණ ඔබටත් තියෙන්න පුළුවන්.


තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවෙන තයිරොයිඩ් පිළිකාවක මුල් ලක්ෂණ මෙන්න මේ ලක්ෂණ ඔබටත් තියෙන්න පුළුවන්.


ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යෑම සඳහා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අතිශයින් වැදගත් වේ. විශේෂයෙන්ම සිරුරේ පරිවෘත්තිය ක්‍රියා පවත්වාගෙන යාමේදී මෙහි දායකත්වය අතිමහත්ය. නමුත් මෙම ග්‍රන්ථියේද පිළිකා තත්ත්ව ඇතිවීම දැකිය හැකිය. මෙහි සුබදායක කරුණ වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවලින් 75%ක් පමණ එතරම් දරුණු ගණයේ හා ඉක්මනින් පැතිරෙන ආකාරයේ පිළිකාවන් නොවීමය.

තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා ඇතිවිය හැක්කේ කාටද?
මෙය විශේෂයෙන් කාන්තාවන් අතර සුලබ අතර එය පිරිමින් මෙන් තුන් ගුණයක් පමණ වේ.

එමෙන්ම කාන්තාවන් අතර බහුලව වයස් කාණ්ඩය. වයස අවුරුදු 40 - 50 ක් වන අතර පිරිමින් අතර එය අවුරුදු 60 - 70 ත් අතර පවතී.

ජාන වෙනස්වීම මඟින් මෙම පිළිකා ඇතිවිය හැකියි
එනම් පරම්පරාගත ජාන විකෘතිතාවක් හෝ අලුතින්ම ඇතිවන ජාන වෙනස්වීමක් මෙයට හේතුවිය හැක. ඇතැම් පරම්පරාගත රෝගද තයිරොයිඩ් පිළිකා ඇතිවීම කෙරෙහි බලපෑ හැක. උදා. Familial adenomatous polyposis

විකිරණ බලපෑම
විකිරණ බලපෑම තයිරොයිඩ් පිළිකා සඳහා බෙහෙවින් හේතුවිය හැක.

විශේෂයෙන් කුඩා අවධියේදී වයස අවුරුදු 20 ට අඩු) සෙම්ගෙඩි. කුරුලෑ තත්ත්ව, හිසේ ඇතිවන ආසාදන (Tinea capitis) සිදු කරන ප්‍රතිකාර මඟින් පසුකාලීනව පිළිකා ඇතිවිය හැකිය.

එමෙන්ම කුඩා කල අධිකව සිදු කරන පරීක්ෂණද මෙම අහිතකර බලපෑම ඇතිකළ හැකිය.

විකිරණ බලපෑම බහුලව සිදු වූ පරමාණු බෝම්බ ප්‍රහාර හා න්‍යෂ්ටික බලාගාරවල කාන්දු වීම්වලදී එම ප්‍රදේශවල තයිරොයිඩ් පිළිකා බහුල විය.

අයඩින් ඌනතාවය

අයඩින් ඌනතාවය හේතුවෙන් වායුගෙඩි හටගන්නා අතර කාලාන්තරයක් තිස්සේ පවතින වායුගෙඩි පසුකාලීනව පිළිකා බවට පත්වීමේ අවදානමක් පවතී.

තයිරොයිඩ් පිළිකාවක මුල් ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරමු.
බෙල්ලේ ඇතිවන ගෙඩියක්, ගැටිත්තක්, වායු ගෙඩියක්
බෙල්ලේ ඉදිරිපස ඇතිවන වේදනාවක්
කටහඬ ගොරෝසු වීම
කෑම ගිලීමේ අපහසුතාවය
කල් පවත්නා කැස්සක්
මෙම තත්ත්ව වෙනත් රෝග සමඟද ඇතිවන බැවින් සැකයක් ඇත්නම් වෛ්‍යවරයකු ලවා පරීක්ෂා කිරීම සුදුසුය.

ඉහත සඳහන් ලක්ෂණ සහිත විට සරල මූලික පරීක්ෂණ කීපයකින් පිළිකා තත්ත්ව හඳුනා ගත හැක.

FNAC පරීක්ෂණය

මෙහිදී ගැටිත්තේ ඇති සෛල සිරින්ජරයක් ආධාරයෙන් ලබාගෙන පරීක්ෂා කළ හැක. සරල පරීක්ෂණයකි.

 අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණය

තයිරොයිඩ්, ග්‍රන්ථියේ ගැටිති හා එම ඉදිමුමෙහි පැතිරීම පරීක්ෂා කළ හැක.මීට අමතරව පහත පරීක්ෂණද උපකාරී වේ.

Radioiodine පරීක්ෂණය

X කිරණ පරීක්ෂණය
CT ස්කෑන් පරීක්ෂණය
ලේ පරීක්ෂණය (TSH,T3,T4)
PET ස්කෑන් පරීක්ෂණය

තයිරොයිඩ් පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගත් විට සම්පූර්ණයෙන් ප්‍රතිකාර කොට සුවකළ හැක. එම ප්‍රතිකාර ක්‍රම විවිධාකාරය.


ශල්‍යකර්මයක් මඟින් ග්‍රන්ථිය ඉවත් කිරීම
විකිරණශීලී අයඩින් ප්‍රතිකාර ක්‍රම
හෝමෝන ප්‍රතිකාර
විකිරණ ප්‍රතිකාර

පවුලේ සමීපතමයෙකුට මෙම පිළිකා තත්ත්ව වැළඳී ඇත්නම් නොඑසේ නම් ඉහත කරුණු ඔබේ ජීවිතයට සමීප නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්ය.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.