Header Ads

කොන්ඩෙ තියෙනවට වඩා යනවද? මෙන්න තවත් කොන්ඩේ යනවට ව්ශ්මිත ඔසුවක්.


කොන්ඩෙ තියෙනවට වඩා යනවද? මෙන්න තවත් කොන්ඩේ යනවට ව්ශ්මිත ඔසුවක්.
 

නිරෝගි කලු පැහැති දිගු කෙස් කළඹකට අශා නොකරන කෙනෙක් නැත. නමුත් වර්තමනයේ එවැනි කෙස් කැළඹක් දැක ගැනිමක් දුර්ලභය. ෂැම්පු, කන්ඩිෂනර්,ඔයිල් වර්ග හා විවිධ රෑපලාවන්‍ය නිපයුම් සුලභ වර්තමානයේ ඒ වැනි තත්වයක් උදා වි ඇත්තේ ඇයි? මොහොතකට සිතන්න. වෙළද දැන්වීම් හරහා ප්‍රචාරය
කරන හා මවා පාන සියලු දේ ඒ අකාරයෙන්ම සිදුවෙනම් අද සමජයේ තරුණමෙන්ම මහලු වයසේ සිටින පිරිස්ද ඉතා සූරුපිහා නිරෝගී විය යුතු නොවෙද?මන්දයත් වයස් ගත භේදයකින් තොරව සියලු දෙනාම මං මුලා වී සිටින බැවිනි. ඇද හිස කෙස් ඩයි නොකරන කෙනෙකු සොයා ගැනිමට නොහැකිතරම්ය. අයුර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා පැමිනේන බොහෝ පිරිසගේ ගැටලු හිසකෙස් හා සම්බන්ධය. *අකලට හිසකෙස් වැටීම/පැසීම *කෙස් අග පැලිම *තඹ පැහැ හෝ දුර්වර්ණ වීම *වියළි බව *හිස් හොරි ආදී ගැටළු වලින් ඔවුන් පිඩා විදියි. ශරිරයේ උත්තම අංශය හිසයි. ශාකයක මුලට යොදන ජලය, පොහොර ආදී දේ නිසා ඒය හොදින් සරව දළුලා වැඩෙන්නා සේ හිසට යොදන ස්භාවික සත්කාර නිසා හිස පමනක් නොව ශරිරයම නිරොගී වේ. සම මගින් කෙරෙනුයේ උරා ගැනීමයි. අප ගල්වන ආලේප හොද නරක කියා බෙදීමකින් තොරව ශරිරයට උරාගනියි. හිසට යොදන බොහෝ රසායනික ද්‍රව්‍යයන් අඩංගු නිෂ්පාදන ද හිසේ චර්මය( හම ) මගින් උරාගනියි. ශරිරයේ වැදගත්ම ඉන්ද්‍රයන් හිස තුලද පිහිටන නිසා මෙම ස්භාවිකත්ම්යට විරුද්ඩ්ධ දේ හිසට යේදීමෙන් ශරිරයම රෝගි වේ. අප දැනගත යුතු තවත් කරුණක් නම් කොතරම් ස්වභාවික ඖෂධ යොදාගෙන නිපදවන ආලේපයක් වුවද කල් තබා ගැනිම, සුවඳ දීම, ආදී දේ සඳහා යොදන රසායනික ද්‍රව්‍යය හේතුවෙන් එහි ස්වභාවික ගුණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි. නිරෝගී දිගු කෙස් කළඹක් සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර අපමණ ඇත. *රක්තය (ලෙය ) දූෂණය කරන උෂ්ණාධික ආහාර වලින් ඈත් වන්න. *පළා වර්ග, කොළ කැද නිතර ආහාරයට ගන්න. *කෘතිම පැණි බීම වර්ග වලින් ඇත් වී නෙල්ලි, රසකිද රණවරා මල්, බෙලි මල්, ඉරමුසු ආදී පානයෙන්ට හුරුවන්න. *මනස සන්සුන්ව තබාගන්න. *හැකි හැමවිටම සන්සුන් ආහාර වෙලක් ගන්න. *පිරිසිදු ජලය පානය කරන්න හිසට යෙදිය හැකි ස්භාවික සත්කාර ඖෂධීය තෙල් වර්ගයක් හෝ පිරිසිදු පොල්තෙල් මදක් උණුසුම් කර හිසට දමා හිස පුරා හිස් කබලට තෙල් ගැවෙන සේ ඇගිලි තුඩූ වලින් රවුම් ආකාරයට හොදින් සම්භානය කරන්න (විනාඩි 20 ) ෂැම්පු වෙනුවට - ගොඩපර ගෙඩි කැබලි කපා පවනේ වියළා, කුඩු කරන්න, සේපාලිකාකොළද ඒසේ සකසාගෙන උළුහාල් කුඩුද සම සමභාගව දමා පිරිසිදු බොතලයක අසුරා තබාගන්න. අවශ්‍ය විට නටන උණුවතුර පත1ට මෙයින් මේස හැදි 2ක් දෙහි බිංදු කිහිපයක් දමා තැම්බෙන්න තබා හිසෙහි ආලේපකර විනාඩි 30 කින් පමණ නාන්න. (අවශ්‍යනම් බිත්තර සුදු මදයක්ද එක් කර ගතහැක.) පොකුරු වද මල් අඹරා ගා මෙසේ හිස සේදිමෙන් හිස් කෙස් දීප්තිමත් වේ. පහසුවෙන් හසුරවා ගත හැක. දිනකට දෙවරක් දැති ලොකු පනාවකින් හොදින් හිස පිරන්න, කෙස් මුලට ක්‍රමවත් රුධිර සැපයුමක් ලැබීමෙන් හොඩින් වර්ධනය වේ. තද හිරු රශ්මිය ඇති විට ගමන් යන්නේ නම් කුඩයක් හෝ හිස් ආවරණයක් භාවිතා කරන්න මෙසේ ස්භාවික ප්‍රතිකාර භවිතා කිරිමෙන් මිනිස් සිරුරේ උත්තමංගය වන් හිස රැක ගන්න. ඒමගින් අක්ෂි රෝග කර්ණ් රෝග ස්නායූ අබාධ ආදී බොහෝ උවදුරු වී ඔබ නිරෝගී වනවා ඇත.

 පරම්පාරික දේශිය වෛද්‍ය
 එම්.අර්.ඉරෝෂණි ජයතිලක "ඔසු ජය"


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.