Header Ads

ඔබේ ඇඟිලි පුරුක් අඳුරු පැහැති නම් මේ ස්වභාවික ප්‍රතිකර්ම හතර අත්හදා බලන්න.


ඔබේ ඇඟිලි පුරුක් අඳුරු පැහැති නම් මේ ස්වභාවික ප්‍රතිකර්ම හතර අත්හදා බලන්න.

සම අවපැහැගැන්වීම, විශේෂයෙන්ම අඳුරු පැහැගත් ඇඟිලි පුරුක් තිබීම බොහෝ දෙනෙකුට පවතින පොදු ගැටළුවක් බවට පත් වී ඇත. මෙය කියවන ඔබටත් මෙම ගැටලුව පවතිනවා ඇති.

මේ ආකාරයට ඔබේ ඇඟිලි පුරුක් අඳුරු පැහැයක් ගැනීමට හේතු වන හේතු කාරණා ලෙස දැඩි ලෙස හිරු එළියට නිරාවරණය වීම හෝ ගෙදර දොරේ වැඩ කරන විට සහ භාජන සේදීමේදී ඔබේ අත් ආරක්ෂා කර නොගැනීම දක්වන්නට පුළුවන්.

මෙහි අප සඳහන් කරන අත්වල සුන්දරත්වය වැඩිකරන ක්‍රම අත්හදා බැලීමෙන් ඔබේ අත්වල, ඇඟිලි පුරුක්වල සහ ඇඟිලිවල අඳුරු පැහැය නැති කර ලස්සන දෑතක හිමිකාරිත්වය ඔබට ලබාදේවි.

1. ලෙමන් සහ සීනි සහිත ස්ක්‍රබ් එක ආලේප කිරීම

ඇඟිලි වල දුර්වර්ණභාවය නැතිකිරීම සඳහා කුණු සහ මැරුණු සෛල ඉවත් කිරීම මෙන්ම  තදින් ඇතිල්ලීම ද සිදු කළ යුතු වෙනවා. මෙම ක්‍රමවේදය මගින් ඔබේ අඳුරු පැහැති සම පැහැපත් කරන අතර ඇඟිලි පුරුක් සුමුදු කිරීමද සිදු වෙනවා. කාර්යක්ෂම ප්‍රතිඵල සහිත ස්ක්‍රබ් එකක් සාදාගැනීම සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය තුනක් අවශ්‍ය වෙනවා.

මී පැණි තේ හැඳි 2ක්, ලෙමන් යුෂ තේ හැන්දක් සහ සිනි තේ හැන්දක් මේ සඳහා අවශ්‍ය වෙනවා.

මේ අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරන්න. අනතුරුව මේ මිශ්‍රණය ඔබේ ඇඟිලිවල සහ අඳුරු පැහැ ගැන්වුණු ඇඟිලි පුරුක්වල මෘදු ලෙස ආලේප කරන්න.

අමතර මෘදුභාවයක් ලබාගැනීම සඳහා ඔබේ අත්වලත් මෙම මිශ්‍රණය ආලේප කීරීමට ඔබට පුළුවන්.

ඔබේ සමට මෙම මිශ්‍රණය උරාගැනීම සඳහා විනාඩි 15 ක් පමණ මෙම ස්ක්‍රබ් එක අත්වල ආලේප කර තබන්න. ලෙමන්වල ඇති විටමින් C සහ සීනි වල ඇති ග්ලයිකොලික් අම්ලය නිසා ඔබේ ඇඟිලි පුරුක් සහ ඇඟිලි ඉතාම ඉක්මණින් පැහැපත් ස්වභාවයක් ගනීවි.

2. සීනි සහ ඔලිව් ඔයිල් මිශ්‍රණය ආලේප කිරීම

ඔලිව් ඔයිල් වලින්  ඔබේ නියපොතුවල තත්වය වැඩිදියුණු කරනවා. ඒ වගේම සමේ මෙලනින් වර්ණකය වැඩියෙන් නිෂ්පාදනය වීම නිසා සහ හිරු එලියට නිරාවරණය වීම නිසා අවපැහැ වීමෙන් ඇති වන සමේ අඳුරු  වර්ණය  නැති කරනවා. සීනි යනු අඳුරු පැහැති මැරුණු සෛල ඉවත් කිරීම සඳහා ඉතාම යෝග්‍ය සක්‍රබ් එකකි.

ඔලිව් ඔයිල් තේ හැඳි 3ක් සමග සීනි තේ හැඳි 2ක් මිශ්‍ර කරන්න.

ඔබේ අඳුරු පැහැවුණු ඇඟිලි පුරුක් ස්ක්‍රබ් කිරීම සඳහා මෙම මිශ්‍රණය යොදාගන්න.

මෙම මිශ්‍රණය විනාඩි 5ක් හෝ ඊට වැඩි වෙලාවක් තිබෙන්නට හරින්න. මේ මගින් ඔබේ ඇත වැඩිපුර සජලකරණයට ලක් වෙනවා. පසුව මෙම මිශ්‍රණය වතුරෙන් සෝදා හරින්න.

පසුව සාමාන්‍ය මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න.

3. ප්‍රබල තෙල් වර්ගයකින් මොයිස්චරයිස් කිරීම.

ඔබට මෙම ප්‍රතිකර්මය භාවිත කිරීමෙන් වාසි ගොඩක් ලබාගන්න පුළුවන්. මෙමගින් ඔබේ අඳුරු පැහැ ගැන්වුණු ඇඟිලි පැහැපත් කරන අතරම ඔබේ අත් සුමුදු සහ මොළොක් ස්වභාවයකට ද පත් කරනවා. ඒ වගේම ඔබේ නියපොතු දුර්වර්ණ වී ඇත්නම් ඒ තත්වයද මගහරවා ගැනීමට පුළුවන්.

ජෝජෝබා ඔයිල් තේ හැඳි ½ ක්, ආමන්ඩ් ඔයිල් තේ හැඳි ½ ක්, රෝස්මරි ඔයිල් තේ හැඳි ½ ක් සහ ලෙමන් යුෂ බින්දු 2 – 3 ක් මිශ්‍ර කරන්න.

මෙම ප්‍රබල තෙල් සත්කාරයෙන් ඔබේ ඇඟිලි, ඇඟිලි පුරුක්, අත්, අත්ල සහ මැණික් කටුව ආශ්‍රිත ප්‍රදේශ සම්බාහනය කරන්න.

මෙම තෙල් සත්තුව කිරීමට හොඳම වේලාව වන්නේ රාත්‍රී නින්දට යාමට පෙර කාලයයි. රාත්‍රී කාලය පුරාම මෙම තෙල් සම්බාහනය හේතුවෙන් ඔබේ අත් මොයිස්චරයිස් කරනු ඇති අතර නියපොතු පෝෂණය කිරීම මෙන්ම සම සුමුදු කිරීමද සිදු කරනු ඇති.

4. කිරි සහ කහ සත්කාරය

කිරි තේ හැඳි 1 ක්, කහ කුඩු ½ ක් සහ අමන්ඩ් ඔයිල් බින්දු 2 – 3 ක් හොඳින් මිශ්‍ර කරන්න.

හොඳින් මිශ්‍ර කිරීමෙන් අනතුරුව ඔබේ ඇඟිලිවල හා ඇඟිලි පුරුක්වල ආලේප කරන්න.

ක්‍රියාකාරී වීමට විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර වතුරෙන් හොඳින් සෝදා හරින්න.

උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහා මෙම ප්‍රතිකාරය සතියට තුන් වරක් පමණ සිදු කරන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






 

No comments:

Powered by Blogger.