Header Ads

ගණිකා ඇසුර නිසා ඇතිවන මාරාන්තික රෝග මෙන්න.මේ දේවල් කරනවානම් මේකත් දැනගන්න.


ගණිකා ඇසුර නිසා ඇතිවන මාරාන්තික රෝග මෙන්න.මේ දේවල් කරනවානම් මේකත් දැනගන්න.

අතීතයේ ශ්‍රීසිය, ජපානය දඔදිව සමාජයේ ඉහළ මට්ටමේ වැජඹුණු ගණිකාවන් හෙවත් නහර ශෝභිනියන් ගැන ඔබ කොතෙකුත් කථා අසා ඇත.

අභිසරුලියන් පිළිබඳව ශ්‍රී ලංකාවේ ලියැවුණු සංදේශ කාව්‍යන්වලද සඳහන් වේ. එහෙත් අද ශ්‍රී ලංකාවේ එවැනි ගරුසරු ලබන ගණිකාවන් නොමැත. එනමුත් ගණිකා වෘත්තිය විවිධාකාරයෙන් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථර තුළට කාන්දු වෙමින් තිබෙන බව පෙනී යයි. එක් අතකින් තරුපහේ හෝටල්වල සුපිරි පන්තිය පිනවන ගණිකාවන් ද කෝල් ගර්ල්ස්ලා සහ රාත්‍රී කාලයේ ප්‍රධාන නගරවල පාරවල් දිගේ සැරිසරන වීථි ගණිකාවන් ද දක්නට ලැබේ. විශේෂයෙන් පාසල් ළමුන් රැසක් පසුගිය කාලයේ ඒඩ්ස් වැනි මාරාන්තික රෝගවලට ගොදුරු වීමට ද ගණිකා ඇසුර බලපාන්නට ඇතැයි සැක පහළ වී තිබේ.

ගණිකා වෘතිය ශ්‍රී ලංකාවේ නීති විරෝධි වෘත්තියකි. කුමන මට්ටමේ ගණිකාවක් ඇසුරු කළද ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග බෝවීමේ වැඩි ඉඩක් පවතී.ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග නිසා පීඩා විදින්නන් රැසක් දැනටමත් ශ්‍රී ලංකාවේ සිටින අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු නොවීම ද ගැටලුකාරී තත්ත්වය උත්සන්න වීමට හේතු වී ඇත. අනාරක්ෂිත ලිංගික ඇසුරක් නිසා ඇතිවිය හැකි රෝග පිළිබඳව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආරියසේන යූ. ගමගේ මහතා දැක්වූ අදහස් මෙසේයි.

අනාරක්ෂිත ලිංගික ඇසුරක් සඳහා කෙනෙකු යොමුවීම හේතු කීපයක් නිසා සිදුවිය හැකියි. ඒවාද සෞඛ්‍ය පිළිබඳ ගැටලුය. බොහෝවිට පවුලේ අඹු සැමියන් අතර පවතින නොගැලපීම් මේ සඳහා හේතු වේ. ඒවාට පිළියම් ලබාදීම ද මේ යුගයේ වෛද්‍යවරුන්ගේ කාර්යයන්ගෙන් කොටසක් වී ඇත.

ගණිකා වෘත්තිය යනු මිනිසුන් දුෂ්චරිතයට පොළඹවනු ලබන සමාජ ව්‍යසනයක් ලෙස බොහෝදෙනෙකු සලකති. එහෙත් වෛද්‍යවරුන් ලෙස අප ඒ දෙස බලන්නේ ඊට වෙනස් ආකාරයකිනි. ගණිකා වෘත්තිය නිසා ඇතිවන අයහපත් ප්‍රතිඵලයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම කරමින්ම, එහි නිරතවන්නන්ගේ සෞඛ්‍ය පිළිබඳව ද අවධානයෙන් සිටීම අපගේ වගකීමය. ගණිකාවන්ගෙන් සේවාදායකයාට බෝවිය හැකි රෝග සහ සේවාදායකයාගෙන් ගණිකාවට බෝවිය හැකි රෝග වැළැක්වීම සහ ඒවාට ප්‍රතිකාර කිරීම ද වෛද්‍යවරයාගේ වගකීමකි.

ලිංගිකව බෝවෙන රෝග පිළිබඳව දැනුමක් ලබා ගැනීම සමාජ අවශ්‍යතාවයකි. සාමාන්‍ය ජනතාව මෙම රෝග සමාජ රෝග ලෙසද හඳුන්වයි. ගණිකා ඇසුර නිසා ඇතිවිය හැකි මාරාන්තික රෝගයක් ලෙස ඒඩ්ස් රෝගය හැඳින්විය හැකිය. ඒඩ්ස් රෝගය සඳහා තවමත් නිසි ඖෂධයක් සොයාගෙන නැත. උපදංශය යනු නිදන්ගත වන රෝගයකි.

මෙම රෝගයේදී ශාරීරික විකෘතිතා ද ඇතිවිය හැකිය. උපදංශය වැළඳුණු කාන්තාවකගේ කුසෙහි සිටින දරුවා මානසික සහ කායික ආබාධිත තත්ත්වයට පත් වීමේ ඉඩකඩ වැඩිය. ගොනෝරියා රෝගය ද ගණිකාවන් නිසා ශිඝ්‍රයෙන් බෝවන රෝගයකි. මුත්‍රා දැවිල්ල සහ හන්දි ප්‍රදාහය මෙහිදී දැකිය හැකි ප්‍රධාන රෝගී තත්ත්ව වේ. ජෙනිටල් හර්පිස් නිසා ලිංගේන්ද්‍රියන්ගේ බිබිලි හට ගනී. මෙම බිබිලි වේදනාකාරීය, කැඩී ගිය විට ඉතා දැවිල්ල සහිතය.

ලිංගික ඉන්නන් ද ගණිකා ඇසුර නිසා ඇතිවිය හැකි තත්ත්වයකි. මේ නිසා පසුකාලීනව ගර්භාෂ ගෙලේ පිළිකා ද ඇතිවිය හැකිය. එමෙන්ම සෙංගමාල තත්ත්වය ද ඇතිවිය හැකිය. පසුකලෙක අක්මා පිළිකා ඇති වීමට ද හේතු වේ. මෙම රෝග ඇති වීමට ප්‍රධාන තම හේතුව ගණිකා ඇසුර බව කිව යුතුය. සමාජ රෝගවලින් පෙළෙන විවිධ පුද්ගලයන් ගණිකා ඇසුරට පැමිණිය හැකිය. රෝගය ඇති අය ඒ බව සමාජයෙන් වසන් කර ගැනීම මෙම රෝග තත්ත්ව ව්‍යාප්තියට බෙහෙවින් බලපායි. තමන් වෙත පැමිණෙන අයට සමාජ රෝග පවතිනවාද නැද්ද යන්න සොයා ගැනීමේ ක්‍රමවේදයක් ගණිකාවන්ට නැත. මේ නිසා ගණිකාවන්ට සමාජ රෝග වැළඳීම් වැඩි ඉඩක් පවතී. එවැනි රෝගී ගණිකාවක් ඇසුරු කරනා ඕනෑම නිරෝගී අයෙකුට සමාජ රෝග වැළඳීමේ හැකියාව පවතී.

සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව මඟින් සෑම ප්‍රධාන රෝහලකටම අනුබද්ධව ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග හඳුනා ගැනීමට වෙනම සායනයක් (STD Clinics) පිහිටුවා ඇත. ඕනෑම අයෙකුට මෙම සායනය වෙත ගොස් තමන්ගේ රෝගී තත්ත්ව පරීක්ෂා කරවා ගැනීමත් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමත් කළ හැකිය. යමෙකුට සමාජ රෝගී තත්ත්යක් වැළඳී ඇත්නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත්ය. කෙසේ වුවද ගණිකාවන්ගෙන් බෝවිය හැකි සමාජ රෝග තමන්ට බෝවීම වළක්වා ගැනීමේ හොඳම ක්‍රමය වන්නේ ගණිකාවන් කරා නොයාමය.

දුමින්ද සම්පත්
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.