Header Ads

නිරෝගමත් ජීවිතයක් සදහා නිවැරදිව ජලය පානය කරන්නේ මෙහෙමයි.


නිරෝගමත් ජීවිතයක් සදහා නිවැරදිව ජලය පානය කරන්නේ මෙහෙමයි.


අප අසා ඇත්තේ දවස ආරම්භ කිරීමේදී උදෑසනම ජලය පානය කිරීම ඉතා සෞඛ්‍යය සම්පන්න ක‍්‍රියාවක් ලෙසය. මෙලෙස අප සියල්ලම පාහේ උදෑසනම ජලය පානය කිරීමට පුරුදු වී සිටිනවා. නමුත් උදෑසන විශාල ජල ප‍්‍රමානයක් පානය කිරීමද ශරිරයට එතරම් හොද ක‍්‍රියාවක් නොවේ. අද විශ්ම ලෝකය තුලින් ජලය පානය කිරීමේදී අනුගමනය කල යුතු නමුත් ඔබ නොදන්නා ජලය පානය කරන නිවැරදිම ක‍්‍රම ටික කියලා දෙන්නම්.

අවදි වූ විගසම ජලය විශාල ප‍්‍රමාණයක් පානය කිරීම

මෙය ඔබ විසින් සිදු කරනු ලබන ලොකුම අත් වැරදීමයි. උදෑසන අවදි වූ විට ජලය පානය කිරීම සුදුසු යැයි පැවසූවත් කොපමණ ප‍්‍රමාණයක්ද කියා කිසිවෙකු හරියටම නොදනී. දිනකට ජලය ලීටර දෙකක් පානය කිරීම සුදුසුයි කියූ පමණින් ඔබ උදෑසන වැඩි ජලය ප‍්‍රමාණයක් පානය කරනු ලබයි.එමගින් ඔබගේ උදරය තුල ඇති අම්ල තනුක වී දැවිල්ලක් ඇති වීම සහ අග්න්‍යාශයේ එන්සයිම වල ක‍්‍රියාකාරීත්වය බලහීන කරනු ලබයි. දවස තුල පානය කලයුතු ජලය කෝප්ප අටෙන් උදෑසන අවදි වූ විට පළමු විනාඩි 30 ඇතුලත එක ජලය වීදුරුවක් හෝ දෙකක්පමණක් පානය කරන්න.

නිදා ගැනීමට පෙර ජලය පානය කිරීමෙන් වැලකීම

බොහෝ මිනිසුන් නිදා ගැනීමට පෙර ජලය පානය කිරීමෙන් වලකිනු ලැබේ. මෙයට හේතුව වන්නේ ඔවුන්ට මුත‍්‍රා කිරීමට යාමට සිදු වුවහොත් නින්දට සිදු වන භාදාවට අකමැති වීමයි. කෙසේ වෙතත් නින්දට යාමට පෙර ජලය වීදුරුවක් පානය කරන්න. එමගින් ක්ෂණික ආභාද සහ හෘදයාබාධ ඇතිවීමේ අවදානමෙන් මිදීමට ඔබට හැකි වේ.

ආහාර අනුභව කරන අතරතුර ජලය පානය කිරීම

මිනිසුන් පොදුවේ සිදු කරනු ලබන තවත් එක අත් වැරද්දක් වනේ ආහාර අනුභව කරන අතර තුර ජලය පානය කිරීමයි. ආහාර අනුභව කර අවස්ථාවේ ශීත ජලය හැර එක් ජලය කෝප්පයක් පමණක් ප‍්‍රමාණවත් වේ. (150 පක* ආහාර අනුභව කරන අවස්ථාවේදී ජලය පානය කිරීමට අවශ්‍ය වුවත් මෙය එක් ජල වීදුරුවකට සීමා කරගන්න. නැවතත් ජලය වීදුරුවක් පානය කිරීම සදහා ආහාර අනුභව කර අවම වශයෙන් පැයක පමණ කාලයක්වත් සිටින්න.

දිනපතා ජලය වීදුරු අටක් පමණක් පානය කිරීම

දිනකට ජලය වීදුරු අටක් පානය කිරීම සුදුසු යැයි පැවසුවත් එය සෑම පුද්ගලයාටම සුදුසු නොවේ. මෙම ජලය පානය කල යුතු ප‍්‍රමාණය ශරීරයේ බර, ශරීරයේ පරිවෘතීය ක‍්‍රියාවලිය, වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය සහ දවසේ සිදු කරන ක‍්‍රියාකාරකම් වැනි දෑ මත යැපේ. පැය දෙකකට එක් ජලය වීදුරුවක් පානය කිරීම ඉතාමත් සෞඛ්‍යය සම්පන්න වේ. නමුත් ඔබ ඉතා මහන්සි වී ක‍්‍රියාවන් හී නිරත වනවානම් මෙම මාත‍්‍රාව වැඩි කර යුතු වේ.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.