Header Ads

යට ඇඳුම් ගැන ඔබ මෙන්න මේ දේවල් හරියටම දැන ගෙන ඉන්න


යට ඇඳුම් ගැන ඔබ මෙන්න මේ දේවල් හරියටම දැන ගෙන ඉන්න.

ගොඩක් වෙලාවට අපි උඩ ඇඳුම් ගැන සැළකිලි මත් වුනාට යට ඇඳුම් ගැන සැළකිලිමත් වෙනවා අඩුයි. හැබැ‍යි ඒ ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. හරි අද අපි කියලා දෙන්න යන්නෙ යට ඇඳුම් ගැන පිරිමි අපි දැන සිටිය යුතුදෑ පිළිබඳවයි.

මූලිකවම යට ඇඳුමක් ඇඟට ඉතාමත් පහසු වෙන්න ඕන. ඒ වගේම තමුන් නියැලෙන ඕනෑම කාර්යකට උදව්වක් වගේම කරදරයක් නොවෙන්නත් ඕන. යට ඇඳුමක් තෝරාගැනීමේදී එහි ප්‍රමාණය දැන සිටීමත් වැදගත්. අවශ්‍ය ප්‍රමාණයට වඩා කුඩා යට ඇඳුම් ශරීරයට අපහසුයි වගේම ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාමට අනවශ්‍ය ලෙස දහඩිය දැමීම, දහඩිය නිසා ඉකිලි ප්‍රදේශයේ විශබීජ ඇතිවීම, ඉලාස්ටික එක හිරවීම නිසා සම තුවාලවීම වැනි ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නත් වෙනවා.


හරි යටි ඇඳුමේ ප්‍රමාණය තීරණය කරන්න ඉණෙහි ප්‍රමාණය අනුව. පහත වගුව බලන්න, එහි තියනවා ඉනේ ප්‍රමාණය අනුව තෝරාගත යුතු යට ඇඳුමේ ප්‍රමාණය.

 

undersize

සාමාන්‍යයෙන් පිරිමියෙකු සතුව යට ඇඳුම් 10ක් තිබිය යුතුයි. ඒ සතියේ දවස් 7 සඳහා 7ක්ද විවිධ අනපේක්ෂිත අවස්ථා සඳහා අමතර 3ක්ද ලෙසයි. ඒ වගේම තමයි විවිධ අවශ්‍යතා සඳහා විවිධ වර්ගයේ යට ඇඳුම් තීයනවා. අපි බලමු මොනවද ඒ වර්ග කියලා.

Boxers


Boxers කියන්නෙ elastic waistbands and wide leg openings තියන shorts වගේ යට ඇඳුමක්. එහි ඉදිරිපස open fly, buttons or fasteners තියනවා. මෙහි loose design එක නිසා ඇතුළත හොඳ වාතාශ්‍රයක් පවතිනවා හැබැ‍යි මේකෙන් කිසි support එකක් නම් ගන්න බෑ. නිවසට හෝ නින්දට යටවිට පහසුවට ඇඳගෙන සිටිය හැක. කෙට්ටු අය සඳහා මහත පෙනුමක් ලබාගැනීමට මෙය ඇඳිය හැක.

Briefs

මේක elastic leg openings and waistband තියන fitting style යට ඇඳුමක්. මේ යට ඇඳුම ශාරීරික ක්‍රියාකාරකම් වැනි කටයුතු වලට හොඳ support එකක් දෙනවා. හැබැයි මෙම යට ඇඳුම් ඉක්මණින් භාවිතයෙන් ඉවත්කිරීමට සිදුවෙනවා.


Boxer-Briefs

Boxer යට ඇඳුමේ ඉඩපහසුව හා Briefs යට ඇඳුමේ support එක එකතුකර සාදන ලද යට ඇඳුම් වර්ගයක් තමයි Boxer-Briefs කියන්නෙ. මෙම යට ඇඳුමේ කලවා ප්‍රදේශය දක්වා දිගුයි. මෙය ඇඳීමෙන් කලිසමේ හැඩය වෙනස්වීමක් හෝ කිසිදු දාර පෙනීමක් සිදුවන්නේ නැත. එම නිසා ගොඩක් පිරිමින් භාවිත කරන්නේ මෙයයි.

Thongs
මේක sexy style එකක්. මෙහි දිග වෙනස් කල හැකි ඉලාස්ටික් පටි තියනවා. ඉදිරිපස රහස් ප්‍රදේශය පමණක් ආවරණයට කුඩා මල්ලක් හා පිටුපසට පළල් පටියක් තියනවා. මෙය ශාරීරික ක්‍රියාකාරකම් කිරීම සඳහා නොගැළපේ.

Thermal Underwear
මෙය ඉණෙහි සිට වළලුකර දක්වා දිගුයි. මෙය සීත කාලයට ඇඳීම සඳහා සුදුසුයි. මෙමඟින් ශරීරයේ උෂ්ණත්වය ආරක්ෂා කරනවා වගේම සුවපහසුවකුත් ගෙන එනවා.

දැන් අපි බලමු Underwear Material ගැන

Cotton

Cotton කියන්නෙ ස්වාභාවික මූලද්‍රව්‍යයක්. මෙය සිනිදු හා සුවපහසුයි. විවිධ cotton වර්ග වලට පුලුවන් උෂ්ණත්වය වගේම සිසිලස හා වාතාශ්‍රය ලබා දෙන්න.

Flannel

Flannel කියන්නෙ cotton, wool සහ synthetic fiber වල එකතුවක්. මෙම රෙදි වර්ගයෙන් නිපදවනු ලබන්නේ thermal underwear. මෙය හරි සිනිදුයි හැබැයි ගොඩක් වෙලා දහඩියත් එක්ක ඇඳගෙන ඉන්න අපහසුයි.

Spandex
Spandex කියන්නෙ කෘතීම රෙද්දක්, මේක ගොඩක් වෙලාවට භාවිත කරන්නෙ athletic underwear වලට. මේක ඇඟට හොඳට තදවන නිසා ශරීර ක්‍රියාකරකම් වලදි ශරීරයට හොඳ support එකක්, ඒ වගේම ශරීරයේ නම්‍යතාවයටත් පහසුයි. විශේෂයෙන්ම මෙම යට ඇඳුම්වලට දහඩිය වගේම දහඩිය ගඳත් උරාගන්න පුලුවන්.

Nylon
නයිලෝන් කියන්නෙත් කෘතීම අමුද්‍රව්‍යයක්. මෙම රෙද්දෙන් සෑදූ යට ඇඳුම් වලට පුලුවන් ශරීරය හැඩ කරන්න එහෙමත් නැත්නම් නියම ප්‍රමාණයට තියාගන්න. මේක යොදාගන්නවා thongs සහ boxer-briefs යට ඇඳුම් වලට. මේක ඇඟට සිල්ක් ගතියක් ගෙනදෙනවා වගේම මෙහි ආයුකාලය අඩුයි.

Silk
සිල්ක් කියන්නෙ සිනිදුයි කියන එකනේ. මේක වලට පාවිච්චි කරන මිලෙන් අධික අමුද්‍රව්‍යක්. හැබැයි මේකෙ ඉක්මණින් කහට පැල්ලම් ගෑවෙනවා වගේම තෙතමනය උරාගන්නෙත් නෑ. මෙහි ඇති දුහුල් ගතිය ඇඟට සුවපහසුවක්. හැබැ‍යි ඉක්මණින් භාවිතයෙන් ඉවත් කරන්න සිදුවෙනවා.

Wool
වූල් ස්වාභාවික අමුද්‍රව්‍යක්. High quality wool උණුසුම්, සිනිදුබව වගේම වාතාශ්‍රය ලබාදෙනවා. හැබැයි low quality wool වලින් කැසීම් දහඩිය දැමීම් සිදුවෙන්න පුලුවන්. සීත කාලයට සුදුසුම යට ඇඳුම් මේවා තමයි.

යට ඇඳුම් ඇඳීමේදී නොකළ යුතුදෑ
යට ඇඳුම් අඳින්නෙ නැතුව ඉන්න එපා
යට ඇඳුම් කියන්නෙ සනීපාරක්ෂාව. ඒවගේම ගොරෝසු උඩ ඇඳුම් වලින් වගේම zip එකෙන්ද ආරක්ෂා කරනවා. ඒ වගේම දහඩිය දැමීමේදී යට ඇඳුම් මඟින් උරාගන්නවා වගේම් උඩ ඇඳුම් වල දහඩිය තැවරීම වලකනවා.

කලිසම් සමඟ ලිහිල් යට ඇඳුම් අඳින්න එපා

Boxers තියෙන්නෙ ගෙදර ඉන්නකොට නිදාගන්නකොට අඳින්න. ඒවා කලිසම් එක්ක ඇන්දොත් කලිසමේ හැඩය නැතිවෙන්න පුලුවන්. ඒකෙන් වෙන්නෙ සිරුරේ හැඩයත් නැතිවෙන එක.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.