Header Ads

කොන්ඩම් පාවිච්චි කරාට හදන හැටි දන්නේ නෑ නේද? මෙන්න කොන්ඩම් හදන හැටි සවිස්තරව අපෙන් ඉගනගන්න.


කොන්ඩම් පාවිච්චි කරාට හදන හැටි දන්නේ නෑ නේද? මෙන්න කොන්ඩම් හදන හැටි සවිස්තරව අපෙන් ඉගනගන්න.
    
අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමටත්, HIV ඒඩ්ස් වැනි මාරාන්තික සමාජ රෝග පැතිරීම වැලැක්වීම සඳහාත් කොන්ඩම් ඉටුකරන්නේ මහගු සේවයක්.

ලොව පුරා දිනකට භාවිත කෙරෙන කොන්ඩම් සංඛ්‍යාව කෝටි ගණනක් වෙනවා.

ශ්‍රී ලංකාව තුළ ද කොන්ඩම් භාවිතය ඉහළ ගොස් තිබීම සෞඛ්‍යාරක්ෂිත බවින් යහපත් ප්‍රවණතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.

කොන්ඩම් ගැන දැන සිටියාට කොන්ඩමයක් හැදෙන්නේ කොහොමද කියන කාරණාව බොහෝ දෙනෙකු නොදන්නා දෙයක්.

මේ ලිපිය දිගහැරෙන්නේ කොන්ඩමයක් නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද යන්න විස්තර කිරීමට යි.

හොඳ කොන්ඩමයක් නිර්මාණය කිරීමට යොදා ගැනෙන්නේ රබර් ගසින් ගන්නා ස්වාභාවික රබර් පමණයි.

ශ්‍රී ලංකාව ද ඇතුළු ආසියාතික රටවල්වලින් ගෙන්වන රබර් කිරි විශාල බවුසර් මගින් කොන්ඩම් නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලාව වෙත ගෙන එනවා.

එම රබර් කිරි නමා තත්ත්ව පරීක්ෂාවකට ලක් කෙරෙන අතර ඉහලම තත්ත්වයේ රබර් පමණයි කර්මාන්ත ශාලාව ඇතුළට යන්නේ.

මේ සඳහා සෑම රබර් කිරි බවුසරයකින්ම සාම්පලය බැගින් ගෙන විද්‍යාගාර තුළ සියුම් ලෙස පරීක්ෂාවට භාජනය කරනවා.

එසේ පරීක්ෂාවට ලක් වුණු ඉහළම තත්ත්වයේ රබර් කිරි හොඳින් පෙරා ගැනීමයි ඊලඟට සිදු කෙරෙන්නේ.

පෙරාගත් එම රබර් කිරි කොන්ඩමයක් නිර්මාණය කිරීමට හොඳින් සුදුසුකම් දරනවා.

කොන්ඩමයක් නිර්මාණයට වීදුරු අච්චුවක් භාවිත කෙරෙනවා.

එය කොන්ඩමයේ හැඩයට සැකසූවක්.

කොන්ඩම විශාල ප්‍රමාණයක් ඉක්මනින් නිපදවීම සිදු කළ යුතු නිසා එවැනි වීදුරු අච්චු බොහෝ ප්‍රමාණයක් එකවර භාවිතයට ගැනෙනවා.

එම අච්චු සියල්ල හොඳින් පිරිසිදු කර තිබීමට සහ වියළිව තිබීමට සෑම විටම වගබලා ගන්නවා.

මෙම අච්චු රබර් කිරි තුළ ගිල්වා පරිස්සමට නැවත උඩට මතුකරගන්නේ එවා මත තැවරුණු රබර් කිරි ද්‍රාවණය ඉවත් නොවෙන පරිදි යි.

එම ක්‍රියාවලිය හොඳින් සිදු කර ගැනීමට වීදුරු අච්චු නිරන්තර භ්‍රමණයකට ලක් කෙරෙනවා.

මේ සියල්ල සිදු වන්නේ පරිගණක පද්ධතියක අධීක්ෂණය යටතේ යි.

රබර් කිරි ද්‍රාවණය තැවරූ වීදුරු අච්චු ඊළඟට ගමන් කරන්නේ වියලුම් උඳුනක් තුළට යි.

එම උඳුන තුළ දී වීදුරු අච්චු මත තැවරුණු රබර් කිරි වියලී ඝණ භාවයට පත් වෙනවා.

ගුණාත්මක බවින් ඉහළ කොණ්ඩම නිෂ්පාදනයේ දී මෙම වියලුම් ක්‍රියාවලිය දෙවරක් සිදු කෙරෙනවා.

මෙම ක්‍රියාවලිය ද සම්පූර්ණ වශයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවන පරිගණක පද්ධතියකින් පාලනය කෙරෙනවා.

තවමත් වීදුරු අච්චු මත තිබෙන කොන්ඩම් ඊළඟට ගමන් ගන්නේ සෑම කොන්ඩමයකම පිහිටි රබර් මුදුවක් වැනි ස්ථානය සකසන යන්ත්‍රය වෙත යි.

මෙම යන්ත්‍රය තුළ දී සෑම කොන්ඩමයකම විවෘත කෙලවර රෝල් කිරීමට ලක් කර මුදුවක් සේ සකසනවා.

ඉන්පසු තවත් වියලීමේ ක්‍රියාවලියකට සෑම කොන්ඩමයක්ම ගමන් කරන්නේ කොන්ඩමයක තිබිය යුතු ඇදෙන සුළු බව එයට ලබා දීමට යි.

මෙතෙක් වෙලා වීදුරු අච්චු මත තිබූ කොන්ඩම ඉන් ගැලවීම ඊළඟට සිදු කෙරෙනවා.

මෙසේ ගැලවූ කොන්ඩම් විශාල සේදුම් යන්ත්‍ර යොදාගෙන හොඳින් සෝදා ගැනීම සිදුකෙරෙනවා.

සෝදාගත් කොන්ඩම් නැවතත් හොඳින් වියලාගන්නේ එම යන්ත්‍රය තුළ දී ම යි.

ඊළඟ ක්‍රියාවලිය ඉතාමත්ම වැදගත් ස්ථානයක්.

නිෂ්පාදනය කෙරෙන සෑම කොන්ඩමයක්ම සිදුරුවලින් තොර දැයි පරීක්ෂා කිරීමයි ඊළඟ ක්‍රියාවලියෙන් සිදු වන්නේ.

මේ සඳහා අධි වෝල්ටීයතාවයෙන් යුතු උපකරණයක් භාවිත කෙරෙනවා.

සිදුරු සහිත කොන්ඩම එවෙලේම ඉවත් කිරීමට මෙම යන්ත්‍රය වගබලා ගන්නවා.

සිදුරු නොමැති බවට තහවුරු කරගත් කොන්ඩම් හැකිලීමට ලක් කර පැකට්ටුවක බහාලීම සඳහා පැමිණෙනවා.

මෙහි දී සෑම කොන්ඩමයක්ම හොඳින් සීල් වෙන පරිදි ස්වයංක්‍රීයවම මුද්‍රාතැබෙනවා.

ඒ ඒ කොන්ඩම්වලට ආවේණික සුවඳ සහ රසයන් එකතු කිරීම සිදුවන්නේ ද මෙම ක්‍රියාවලියේ දී යි.

මෙම ක්‍රියාවලියෙන් පසු කොන්ඩම් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නිම වී අවසන් වුවත් ඒවා වෙළඳපොලට නිකුත් කිරීමට පෙර තවත් විශේෂිත පරීක්ෂණ කිහිපයක් සිදු කෙරෙනවා.

සෑම කොන්ඩම් නිෂ්පාදන කාණ්ඩයකින්ම අහඹු ලෙස තෝරාගන්නා කොන්ඩම් මේ සඳහා යොදා ගැනෙනවා.

කොන්ඩම් තුලට සුළං පුරවා පිම්බීම එම පරීක්ෂණවලින් එකක්.

එහි දී නියමිත සවිශක්තිය කොන්ඩම්වල තිබේ දැයි පරීක්ෂා කෙරෙනවා.

එමෙන්ම කොන්ඩමයක තිබිය යුතු ඇදෙනසුළු බව පරීක්ෂා කිරීමට යන්ත්‍රයක් යොදාගෙන කොන්ඩම ඇද බැලීම ද සිදු කෙරෙනවා.

ඊළඟ පරීක්ෂාව ලෙස කොන්ඩම්වලට ජලය පුරවා සිදු කෙරෙන පරීක්ෂණයක් වෙත යොමු කෙරෙනවා.

එහි දී ජලය පිරවූ කොන්ඩම් තවත් ජල බඳුණක් තුල බහාලනවා.

නොපෙනෙන තරම් කුඩා සිදුරක් හෝ නොමැති බවට මෙම පරීක්ෂාව තුළින් සැක හැර දැනගැනීමට පුළුවන් වෙනවා.

අවසාන පරීක්ෂාව ලෙස සිදු කෙරෙන්නේ කොන්ඩම් තුළ විෂ බීජ ආදිය නොමැති බවට තහවුරු කරගැනීම යි.

මෙම පරීක්ෂාව සිදුකෙරෙන්නේ නවීන විද්‍යාගාර තුළ යි.

එම පරීක්ෂාවෙන් පසුව කලින් සකසා පැකට්ටු තුළ බහාලූ කොන්ඩම් විවිධ අසුරනවලින් වෙළදපොලට නිකුත් කිරීම සිදු කෙරෙනවා.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.