Header Ads

කුඩා දරුවෝ මව් කිරි බීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලා අම්මලා දන්නවද? මෙන්න එකට හේතු.


 කුඩා දරුවෝ මව් කිරි බීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලා අම්මලා දන්නවද? මෙන්න එකට හේතු.

දරුවෙක් මෙලොවට බිහි වූ පළමු පැයේ සිටම දරුවාට මව් කිරිදීම සිදු කළ යුතුයි. මවක් සහ දරුවෙකු රෝහලන් පිට වී යාමට පෙර සිටම වෛද්‍යවරු මව් කිරි දීම සාර්ථක ව සිදු කරන අයුරු සහ මව් කිරි දීමේ ගැටළු ගැන සඳහන් කරන්නේ එබැවිනි. තල්ලේ සහ දිවේ ගැටළු ඇතැම්විට තල්ලේ හෝ තොලේ උපතින් ම ඇතිවන ආබාධ ඒ සඳහා හේතු වෙයි. තොලේ හෝ තල්ලේ උපතින් ම සිදුරු ඇතිවීම දිව තදින් යටි තල්ලට බැඳී තිබීම හේතුවෙන් දිව සොලවා කිරි උරා බීමට නොහැකිවීම හේතුවෙන් ද දරුවෙකු මව් කිරි බොන්නේ නෑ. අධික නිදිමත ඒ වගේ ම අධික නිදිමත හේතු කරගෙන මව්කිරි ප්‍රතික්ෂේප කරන දරුවන් සිටී. මේ අධික නිදිමතට හේතුවත් මව් කිරි හිඟවීම ලෙස පෙන්වා දිය හැකි ය. සාමාන්‍යයෙන් කුඩා දරුවෙකුට සිරුරට අවශ්‍ය ශක්තිය සපයා ගන්නට රුධිරයේ සීනි මට්ටම බලපායි. එලෙස සීනි ලැබෙන්නේ දරුවා බොන මව් කිරි මගිනි. හරි ආකාර ව මව්කිරි නොලැබෙන විට දරුවාට අවශ්‍ය ශක්තිය නැති ව ගොස් දරුවා නිද්‍රාශීලී වෙයි. මෙනින්ජයිටීස් උපතේ දී හෝ උපතට පෙර මොළය හෝ රුධිරයට විසභීජ ගිය, මෙනින්ජයිටීස් වැළඳුන දරුවන් ද මව් කිරි ප්‍රතික්ෂේප කරයි. එසේ ම දරුවාට නිසි ලෙස මව් කිරි නොලැබීමට මවකගේ හේතු ද බලපායි. තන පුඩුවේ ගැටළු සිසේරියන් සැත්කමකට ලක් වූ මව්වරු කිරි එරීමට පමාවීම, දරුවා බිහි කරනවිට මවට රෝගී තත්ත්ව ඇතිවීම, තන පුඩුවේ ගිලුණු ස්වභාවය, දිග තනපුඩු, ඉතා කුඩා තන පුඩු සහ දරුවාගේ කිරි උරාබීමේ විසමතා හේතුවෙන් මවගේ තනපුඩුවල තුවාලවීම ආදී හේතු මත දරුවාට මව් කිරි නිසි ලෙස නොලැබෙයි. කිරි ගල්වීම කිරි එකතු වී ගල් වීම හේතුවෙන් දරුවාට කිරි උරා බීමේ ගැටළු මතු වෙයි. එහෙත් ඕනෑම මවකට අවශ්‍යතාව තිබෙනවා නම් සාර්ථක ව දරුවාට කිරි දිය හැකි ය. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ළඟම තිබෙන මහ රෝහලේ මව් කිරි කළමනාකරණ මධ්‍යස්ථානවලින් ලබා ගත හැකි ය. කිසිම හේතුවක් මත මව් කිරි දීමට අපහසු යැයි කියලා පිටි කිරි ලබාදීමට උත්සාහ නොකන්න. ඉන් මව්කිරි දීමට තවත් බධා මතු වෙයි. දරුවා කිරි බීම ප්‍රතික්ෂේප කරන්නේ නම් තාවකාලික ව කිරි දොවා ලබා දිය හැකි ය. එහෙත් තවදුරටත් දරුවා කිරිබීම ප්‍රතික්ෂේප කරයි නම් ළඟ ම ඇති රජයේ රෝහලට ගොස් වෛද්‍යවරයාට දරුවා පෙන්වන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.