Header Ads

කොලෙස්‌ටරෝල් සහ අධික රුධිර පීඩනය නිසා ඇතිවන හෘද රෝග සුව කරගන්න මෙන්න මේ දේවල් අනුගමනය කරන්න.


කොලෙස්‌ටරෝල් සහ අධික රුධිර පීඩනය නිසා ඇතිවන හෘද රෝග සුව කරගන්න මෙන්න මේ දේවල් අනුගමනය කරන්න.

කාසිදු සැත්කමකට භාජනය නොවී පුර්ණ ආයුර්වේද ප්‍රතිකාර මගින් රුධිරයේ කොලෙස්‌ටරෝල් වැඩිවීම සහ අධික රුධිර පීඩනය නිසා ඇතිවන හෘද රෝගවලින් වැළකිය හැකිද? ඔව්.

ඉපැරණි පාරම්පරික ආයුර්වේද ඖෂධ වට්‌ටෝරු වලට අනුව ඉතාමත් වටිනා දුර්ලභ ඖෂධ වර්ග කිහිපයක්‌ සංයෝග කර හෘද රෝග සඳහාම විශේෂිතවම නිෂ්පාදනය කර ගන්නා ඖෂධ වර්ග කිහිපයක්‌ මගින් කිසිදු සැත්කමකට භාජනය නොවී හෘද රෝග තත්ත්වයන් සුවකර ගැනීමේ හැකියාව ඇත. නමුත් වර්තමානයේ අවාසනාවකට මෙන් මෙම දුර්ලභ ඝනයේ ඖෂධ සුලභව නොමැති නිසා නිෂ්පාදනය කොට වෙළෙඳ පොළට නිකුත් කිරීමේ හැකියාවක්‌ නොමැත.

මෙම ඖෂධවල කිසිදු රසායනික ද්‍රව්‍යයක්‌ අඩංගු නොවන නිසා ඕනෑම වයස්‌ පරතරයක රෝගියෙකුට වුවද භාවිතා කළ හැකි අතර කිසිදු ආකාරයක අතුරු ආබාධයක්‌ වාර්තා වී නොමැත. රසායනික සංඝටක අඩංගු නොවන බැවින් මෙම ඖෂධවල ගුණ නොනැසෙන ලෙසට ගබඩා කර තබා ගත යුතුය. මේවා මගින් රුධිරයේ අධික කොලෙස්‌ට්‍රොල් මට්‌ටම, අධික රුධිර පීඩනය, රුධිර නාලවල පවතින අවහිරතා, පපුවේ මහන්සිය, අංශ භාගය, ස්‌ථුලතාවය වැනි රෝග තත්ත්වයන් ගණනාවකින් අත්මිදිය හැක.

හෘද රෝගවලට ගොදුරු වූ හෝ ක්‍රම ක්‍රමයෙන් ගොදුරු වෙමින් පවතින රෝගීන්ට ඇතිවිය හැකි පූර්ව සහ පශ්චාත් රෝග ලක්‍ෂණ.

මුල් අවධියේදී පපුවේ මහන්සිය, වැඩි වේලාවක්‌ එකදිගට කතා බහක නිරත වන විට ඇතිවන හතිය, එක දිගටම වැඩි වේලාවක්‌ වැඩක නිරත වීමේදී ඇතිවන පපුවේ හතිය හා වේදනාව කකුල්වල පහත කොටස හා ඇස්‌යට ඉදිමීම, නමුත් වේදනාවක්‌ ඇති වන්නේ නැත. ඉඳහිට පපුවේ ඇතිවන සුළු වේදනාව, ඉඳහිට ඇතිවන ක්‌ලාන්තය, රුධිර පීඩනය මැන බැලීමේදී ඉහළ අගයක්‌ ගැනීම, රුධිරයේ ලිපිඩ (කොලෙස්‌ටරෝල්) පරීක්‍ෂා කළ විට ඉහළ අගයක්‌ ගැනීම.

මෙම රෝග ලක්‍ෂණ පවතිද්දී ප්‍රතිකාර නොගෙන කිසිදු පාලනයකින් තොරව සිටීමෙන් රෝගය දිනෙන් දින උත්සන්න විය හැකිය. එවිට ඉහත කී රෝග ලක්‍ෂණ නිතර නිතර මුල් අවධියට වඩා දැඩිව ඇති විය හැකිය. ඔබට යම් අවස්‌ථාවක පපුවේ වේදනාව සමග අධිකව දහඩිය පිටවේ නම් සහ විටින් විට පපුවේ වේදනාව හට ගනී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීම අනිවාර්යය වේ. නැතහොත් ඔබගේ හෘදය අක්‍රිය වීමෙන් ඔබ මරණයට පත්වීමට පිළිවන.

රෝගය පාලනය කර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග

ආහාර පාලනය

තෙල් සහිත ආහාර කිසිසේත් පරිභෝජනයට සුදුසු නැත.

උදා( පීකුදු, ඉස්‌සන්, බිත්තර කහමදය, මස්‌ වර්ග, හරක්‌ මස්‌, ඌරු මස්‌, එළු මස්‌, මී කිරී, චීස්‌, බටර්, පිටිකිරි, බිස්‌කට්‌ වර්ග, සියලුම තෙල් වර්ග.

කෙටි ආහාර, ක්‍ෂණික ආහාර හැකි තරම් දුරට සීමා කළ යුතු අතර සම්පූර්ණයෙන්ම අත්හැරීම ඉතාමත් සුදුසුයි. එසේ කිරීම ඉහත රෝග තත්ත්වයන් පාලනය කිරීමට මහෝපකාරී වේ. සිරුරේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇති කැලරි ප්‍රමාණය මේදය බවට හරවා සිරුරේ විවිධ කොටස්‌වල තැම්පත් වීම සාමාන්‍ය ස්‌වභාවයයි. මෙසේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම නිසා සිරුරේ මේදය ලෙස තැම්පත් වීමෙන් ඉතා ඉක්‌මනින් ඉහත රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩිය.

ප්‍රවේණිමය සාධක
සමහර අවස්‌ථාවල ප්‍රවේණිමය සාධක මත පළමු පරම්පරාවෙන් දෙවැනි පරම්පරාවට ආදී වශයෙන් මෙම තත්ත්වය බල පැවැත්විය හැකිය.

ව්‍යායාම
ඉහත රෝග එකකට හෝ කිහිපයකට ගොදුරු වූ අයෙකු අවම වශයෙන් දිනකට විනාඩි 45 සිට පැයක කාලයක්‌ දක්‌වා නිර්දේශිත ක්‍රමානුකූල ව්‍යායාම්වල නිරත වීමෙන් සිරුරේ අතිරේක මේද ප්‍රමාණය දහනය කර ශක්‌තිය ලෙස වැය කරන නිසා සිරුර තුළම තැම්පත් වීම වළකාලයි.

මානසික ආතතිය
ඉහත රෝග තත්ත්වයන් ඇති වීමට බලපාන සාධක අතර මානසික ආතතිය ඉතා වැදගත් වේ. සෑම විටම මනස නිදහස්‌ව සාමකාමීව පැවැත්වීම තුළ අධික රුධිර පීඩනය, දියවැඩියාව හෘද රෝග සහ අනිකුත් බොහෝමයක්‌ බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ අවකාශය අඩුය.

සෑම විටම මනස සැහැල්ලුවෙන් සහ ක්‍රෝධයෙන්, වෛරයෙන් තොරව ප්‍රීතිමත්ව තබාගත යුතුය. වෙනත් ප්‍රතිකාරවලට යොමු වීමෙන් සහ අනවශ්‍ය ලෙස සැත්කම්වලට භාජනය වීමෙන් සිදුවන ඖෂධවලට වැය වන විශාල මුදල සහ පීඩාකාරීත්වය මෙම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය මගින් මග හරවා ගත හැකිය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.