Header Ads

ඔබගේ හිසකෙස් ගැලවී යාමට හොදම ඛෙහෙත ඔබේ කුස්සියේම තිඛෙන සුදුළුණු බව ඔබ දැනන් හිටියාද?


ඔබගේ හිසකෙස් ගැලවී යාමට හොදම ඛෙහෙත ඔබේ කුස්සියේම තිඛෙන සුදුළුණු බව ඔබ දැනන් හිටියාද?



ඔබගේ හිසකෙස් ගැලවී යාමට හොදම ඛෙහෙත ඔබේ කුස්සියේම තිඛෙන සුදුළුණු බව ඔබ කිසිදිනකවත් සිදුවේද? ඔබේ ප්‍රශ්නයට හොදම පිළිතුර මෙන්න….


ඕනෑම කෙනෙකුට හිසකෙස් ගැලවීයාම සම්බන්ධයෙන් විවිධ ගැටළු මතුවිය හැක. සමහර අවස්තාවලදී එය වයසට යාම සම්බන්ධයෙන් දෙන ලකුණක් විය හැක. නමුත් ස්ත්‍රීන් සහ පුරුෂයින් ගත් විට වෙනත් නොයෙකුත් හේතුන් නිසා හිසකෙස් ගැලවී යාම සිදුවිය හැක.


වර්තමානයේ හිසකෙස් ගැලවී යාමේ ගැටලූ‍වට රෝස්මෙරී තෙල් වට්ටක්කා ඇට වලින් ලබා ගන්න තෙල් විශාල වශයෙන් ඖශධ ලෙස භාවිතා කරන අතර ෂැම්පු සන කන්ඩිෂනර් සදහාද රෝස්මෙරී භාවිතා කරයි. නමුත් ඔබ කිසිදිනෙක සිතුවාද සුදුළුණු ගැහැණු පිරිමි දෙපාර්ශවයේම හිසකෙස් ගැලවී යාමේ ගැටලූ‍වට විකල්පයක් ලෙස භාවිතා කලහැකි බව.


ඈත අතීතයේ සිටම සුදුළුණු ආහාර පිසීමේදී මෙන්ම විවිධ ලෙඩ රෝග සම්බන්ධයෙන් සුදුළුණු භාවිතාකර ඇත. මෙම ඖෂධය ආසියානු කලාපයට අවේනික විශේෂයක් වන අතර නමුත් මේ වන විට ලෝකය පුරා භාවිතා කරයි. රසායනාගාර තුල කරනු ලැබූ පර්යේෂණ තුලින් සුදුළුණු තුල විවිධ වටිනා ගුණ රාශියක් පවතින බව සොයා ගෙන ඇත.




සුදුළුණු භාවිතයට හේතුව සහ ඉන් ලැඛෙන විශ්මිත ප්‍රතිඵල


පුද්ගලයින්ගේ හිසකෙස් ගැලවී යාම සදහා ප්‍රධාන වශයෙන් විවධ වෛද්‍ය තත්ත්ව, රසායනාගාර ද්‍රව්‍ය වල අතුරු පල, ආතතිය, පෝෂණ ඌනතා, ජාන විකෘති මගින් සහ වයසට යාම බලපායි. මෙම ප්‍රශ්නය සමග සටන් කිරීමට අවශ්‍ය නම් පළමුව අප සැලකිය යුත්තේ ඒ සදහා හේතුවන මුලය සොයා ගැනීමයි. ඒ සදහා බලපාන මුලය සොයාගත් විට ඊට අදාළ නිසි ප්‍රතිකාරය කල හැකිය.


ක්ෂේත්‍ර අලෝපීසියාව එවැනි හිසකෙස් ගැලවී යාමට හේතු වන තත්වයකි. මෙය දේහයේ රෝම හෝ කෙස් වැවෙන ඕනෑම ස්ථානයකට බලපාන අතර මෙම රෝගයේදී වෙනත් කිසිම භාහිර රෝගී ලක්ෂණයක් දැක ගත නොහැක. මෙවැනි හිසකෙස් ගැලවී යාමක් බොහෝ විට ශාරීරික හෝ මානසික ව්‍යකුලතා නිසා ඇතිවිය හැක.


නිසි පරිදි සුදුළුණු භාවිතය

මෑතකදී වෛද්‍ය විද්‍යා විශ්වවිද්‍යාලයේ සමග පිළිබද වූ දෙපාර්තමේන්තුවෙන් සුදුළුණු ජෙල් එකක් අකාරයෙන් පිළියෙළ කර නිසි පරිදි මෙම ක්ෂේත්‍රීය අලෝපීසියාව සදහා භාවිතා කරමින් එහි සාර්ථකත්වය නිරීක්ෂණය කළේය. ප්‍රතිඵලය වුයේ සුදුළුණු යනු විවිධාකාරයේ හිසකෙස් ගැලවී යාම් වලට ප්‍රතිකාර කලහැකි ඖෂධයක් බවය. මෙහිදී පුද්ගලයින් 40ක් ගෙන එයින් 20 දෙනෙකුට මෙම සුදුළුණු ප්‍රතිකාරය ලබා දුන් අතර අනෙක් අයට වෙනත් ඖෂධයක් ලබා දුන්හ. සුදුළුණු ප්‍රතිකාරය ලබා දුන් පුද්ගලයින්ගේ විශිෂ්ට ප්‍රතිඵල පෙන්වීය.

සුදුළුණු මෙලෙස සාර්ථක වීමට හේතුව කුමක්ද?

වෛද්‍ය විශේෂඥයින් ඉස්සොරි සහ වෙනත් හිසෙහි ඇති වන චර්ම රෝග සදහා නිර්දේශ කරනු ලබන සංයෝග වර්ග 2ක් මෙම සුදුළුණු තුල අන්තර්ගත වේ.මෙවැනි හිසකෙස් ගැලවීයාමට ප්‍රධාන වශයෙන් බලපානුයේ රෝම කුපයගේ ඇතිවන දිලීර ආසාදනය. එමගින් හිසකෙස් වර්ධනය අඩාළ වනවා පමණක් නොව හිසකෙස් ගැලවී යාමද සිදුවේ. සොයාගැනීම් වලට අනුව මෙම වටිනා ඖෂධයේ සෙලනියම් සහ සල්ෆර් යන සංයෝග දෙකම පවතී. මෙමගින් හිසකෙස් ගැලවී යාම වලක්වන අතර හිසකෙස් වර්ධනයද වැඩි දියුණු කරයි. වෛද්‍යවරුන් පවසන පරිදි සෙලනියම්සල්ෆයිඩ් යනු බොහොමයක් දිලීර මගින් ඇති කරනු ලබන චර්ම රෝග සදහා නිර්දේශ කරනු ලබන ඖෂධ වල පවතින සංයෝගයකි.

ඇලිසීන් යනු සුදුළුණු වල පවතින එවැනි රසායනික සංයෝගයකි. මෙය දිලීර මගින් ඇති කරන විවිධ රෝග සදහා ප්‍රතිකාරකයක් ලෙස ක්‍රියා කරයි. යන්ග්යැන්ග් වෛද්‍යවිද්යාලයේ ටයිහි පවතින රෝහල මගින් කරනු ලැබූ පරීක්ෂණ වලට අනුව සුදුළුණු තුල විවිධාකාරයේ දිලීර වර්ග 6ක් සදහා ප්‍රතිකාර පවතී.



ඛෙහෙත් වට්ටෝරු


1. සුදුළුණු තෙල් සහ පොල්තෙල් මිශ්‍රණය - පොල්තෙල් යනු වෛද්‍ය ක්ෂේත්‍රයේ නවතම ආගමනය යි. එයට හේතුව වනුයේ එහි පවතින දිලීරනාශක ගුණය යි. සුදුළුණු තෙල් සහ පොල්තෙල් මේස හැන්දකින් එක බැගින් ගෙන හොදින් රත් වන තුරු කලවම් කරන්න. මෙලෙස රත්වනතුරු කැලතීම මගින් සුදුළුණු තෙල් සහ පොල්තෙල් හොදින් මිශ්‍ර වේ. අනතුරුව මෙම මිශ්‍රණය හිසෙහි තවරා මිනිත්තු 20ක් තබන්න. හිසකෙස් සහ හිස්කබල මගින් මෙම පොල්තෙල් අවශ්ෂණය කර ගනී. එම නිසා විශේෂයෙන් සේදීමක් කිරීම අවශ්‍ය නැත. මෙම තෙල් හිසකෙස්හි ආවරණයක් ලෙස පැතිර පවතී. මෙය අවම වශයෙන් සතියකට දෙවතාවක් පමණ කල යුතුය.


2. සුදුළුණු තෙල් සහ මී පැ‚ - සුදුළුණු ගෙඩි මෙන්ම සුදුළුණු තෙල් ද බොහෝ වෙලාවට සාමාන්‍ය සිල්ලර කඩ වල් වල මිලදී ගැනීමට ඇත. මී පැ‚ යනු සුදුළුණු මෙන්ම දීර්ග ඉතිහාසයක් පවතින ඖෂධයකි. මෙහිදී සුදුළුණු සහ මී පැ‚ මේස හැන්දකින් එකක් බැගින් ගෙන හොදින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය ඔබට තැවරීමට අවශ්‍ය ප්‍රදේශයේ තවරා විනාඩි 20 ක පමණ කාලයක් තබා සෝදා ඉවත් කරන්න. මෙම ක්‍රියාවලියද සතියක දෙවාතක් වත් කල යුතුය. ඔබ‍ට ඊට වැඩ කල හැකි නම් වැඩිපුර ප්‍රතිඵල ලගා කර ගත හැක.


3. සුදුළුණු තෙල් - අවශ්‍ය ප්‍රදේශයට සුදුළුණු තෙල් දමා හොදින් සම්බ්නාහනය කර ටික වෙලාවක් තබන්න. එවිට හිසකෙස් වල සීග්‍ර වර්ධනයක් ඔබටම අත්විදිය හැක. මෙහිදී ජලයෙන් සේදීමට පෙර අවම වශයෙන් විනාඩි 20ක් පමනක කාලයක් තැබිය යුතුය. මෙය සතියකට කීප වතාවක් කල හැකි අතර වැඩි වාර ගණනක් කිරීමින් වැඩි ප්‍රතිඵල ලගා කර ගත හැක.


ඔබ දන්නෙහිද ඇත්තටම ඔබ තව දුරටත් සුදුළුණු තෙල් මිලදී ගැනීමට අවශය නැත. ඔබට එය දැන් තම නිවසේදීම සාදා ගත හැක. එය සදා ගන්න අකාරය මෙන්න.


සුදුළුණු ගෙඩියක පලූ‍ එකිනෙක වෙන් කර එක කැබැල්ලක් සදහා මේස හැන්දකින් පොල්තෙල් හෝ ඔලිව් තෙල් හෝ වෙනත් සුදුසු තෙල් වර්ගයක් භාවිතා කල හැක. පළමුව තෙල් මද පම‚න් රත් කල යුතුය. මන්ද වැඩිපුර රත්කළහොත් තෙල් නිස්සාරණය කෙසේ වෙතත් සුදුළුණු ඉවීමට සිදු වේ. තෙල් මද වශයෙන් රත්කිරීමෙන් අනතුරුව සුදුළුණු කැබැල්ල අදුරු පැහැති වීදුරු බදුනකට දමා එයට රත් කල තෙල් දමන්න. පසුව බදුනේ කට හොදීන් වැසෙන පරිදි සීල් කරන්න. මෙලෙස තෙල් නිස්සාරණය වීමට සතියක පමණ කාලයක් තබන්න. වැඩි කාලයක් තැබීමෙන් ගුණය වැඩි සුදුළුණු තෙල් ලබා ගත හැකිය. මෙම ක්‍රියාවලිය අවසන් වූ පසුව සුදුළුණු පළුව ඉවත් කර තෙල් ටික භාවිතයට ගන්න.


අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.