Header Ads

අපි බොන තේ පානය ගැන අපි කවුරුත් නොදන්නා මෙන්න මේ විශ්මිත රහස දැනගන්න


අපි බොන තේ පානය ගැන අපි කවුරුත් නොදන්නා  මෙන්න මේ විශ්මිත රහස දැනගන්න

සෑම ජාතියකට ම, සියලූ‍ සංස්කෘතීන්ටම, විශේෂ වූ පා

න වර්ග ඇත. ඉපැර‚ වේද යුගයේ, බමූණන්ගේ පානය වූයේ ‘සෝම’ නම් බීම වර්ගයයි. මතට තුඩුදෙන සෝම පානය ගැනීම, දේවත්වය ලැබීමේ මඟක් ලෙස ඔවුහු සැලකූහ.


(සෝම යන්නේ අරුත මෘදු යන්නය. මිදි යන වචනය මෘදු යන්නට හුරුය. ඒ නිසා, වෛදික සෝම පානය, මිදි යුෂයේ සකස් කළ වයින් වර්ගයක් විය හැකිය.)


ග්‍රීක - රෝම සංස්කෘතීන් හි ප්‍රධාන පාන වර්ගය වූයේ වයින් නම් මධු වර්ගයයි. අල්ලාප - සල්ලාපයේ යෙදෙමින්, ප්‍රŒත භෝජන වර්ගවලින් සැනසෙමින්, ග්‍රීක - රෝම විශිෂ්ටයෝ මධු විත තොල ගෑහ.


ජපානයේ ජාතික පානය ‘සකේ’ ය. බතෙන් පෙරා ගන්නා සකේ පානය ෂින්ටෝ බෞද්ධ සිද්ධස්ථානවල සාමයික චාරිත්‍ර සඳහා භාවිත කෙරෙන තරම් අගනේ යැයි ජපානයේ ජන විශ්වාසයයි.


මහා සංස්කෘතීන්හි පමණක් නොව, එතරම් සංවර්ධිත නොවූ ඇතැම් සමාජවලත් ඒ ඒ ගෝත්‍රිකයන් විසින් සම්මානයෙන් සැලකෙන පාන වර්ග තිබේ. ශාන්තිකර සාගරයේ දිවයින් වාසී ඇතැම් ගෝත්‍රිකයෝ, ගරු චාරිත්‍රයක් වශයෙන් ‘කාව’ නම් පානයක් භාවිතයට ගනිති. විවිධ චාරිත්‍ර - වාරිත්‍ර අනුගමනය කෙරෙමින් මේ ගෝත්‍රික පානය සකස් කෙරෙන්නේ පැළෑටියක, මුල් තළා ගැනීමෙනි.


ලෝකයේ, විවිධ මට්ටමේ ලොකු, කුඩා දේශවල හා සංස්කෘතීන්හි, ඒවාට ම විශේෂ වූ පාන වර්ග පවත්නා විටෙක, අප විසින් නෙත් යොමු කළ යුතු වන්නේ අපගේ දේශය දෙසටයි.


හොඳයි, මෙවැනි පසු බිමෙක, අපගේ ශ්‍රී ලංකා දේශයේ ජාතික පානය කුමක් ද?


අපි තේ බොන්නෝ වෙමු. එපමණක් නොවේ. අපි තේ වවන්නෝ වෙමු. මුළු ලොවට ම තේ අලෙවි කරන්නෝත් වෙමු.


අප ගේ ජාතික පාන යේ නියම තත්ත්වය ඊටත් වඩා විචිත්‍ර . අපගේ ජාතික පානය ජගත් ජන මණ්ඩලයේ ම උච්ච කූටයක් අරා සිටී.


මෙය, මා පවසන්නේ, අතාර්කික දේශාභිමානයක් පළ කරන අගයෙන් නොව, යථා තත්ත්වය හෙළි පෙහෙළි කරන පි‚සය.


මේ ලිපිය සඳහා, ම විසින් කෙරුනු පර්යේෂණ යන්හිදී, ජගත් තේ විශේෂඥයෙකුගේ විද්‍යාත්මක නිගමනයක් මගේ නෙත ගැටි‚.


ඔහුගේ ප්‍රකාශය මෙයයි.


—ලොව පුරා හැම දෙනාගේ ම ප්‍රධාන හා මුඛ්‍ය පානය වතුරයි. ඊගාවට, සකල ‍ලෝකයා ම පානය කරන්නේ තේ ය.˜


ජගත් ප්‍රජාව විසින්, ජලයට දෙවැනි කොට පානය කරන තේ, හුදෙක් අපගේ දේශීය නිෂ්පාදනය විය නොහැකිය. එහෙත් තරමක දිගු කලක් මුළුල්ලේ, ලොව බොහෝ දෙනා තේ වශයෙන් දැන සිටියේ ‘සිලෝන් ටී’ ය. ශ්‍රී ලංකා තේ ය.


අපගේ ජාතික පානය වශයෙන්, තහවුරුව, ජනගතව පවත්නා තේ, තවත් ප්‍රබල සාධක බොහොමයක් නිසා, මානව සංහතියේ සුවිශේෂී තැනක් හිමිකොටගෙන සිටී. තේ තරම්, විවිධ නම් සහිත පානයක් මිනිස් ඉතිහාසයේ නැත. ඇතැම් බීම වර්ග සඳහා සන්නාම රාශියක් ඇතත්, තේ පිළිබඳ මාලාව එයට බොහෝ සේ වෙනස්ය. තේ නම් වූ මූලික පාන වර්ගයම, විවිධ ආකාරයේ නම් ලබා සිටී.


තේ තරම් සම්භාව්‍ය පාන වර්ගයක්, මානව වංශයේ ඇත්තේ නැත. ශතවර්ෂ කිහිපයක් මුළුල්ලේ තේ පානයේ පූජනීත්වය, පරම්පරාවෙන් රැකගෙන එන්නෝ, ජපානයේ අදත් වරප්‍රසාද ලබන සමාජ තලයන්හි සිටිති. තේ හා ආශ්‍රිත වූ, විවිධ උපකරණ, බඳුන් විශේෂ, සංකීර්ණ චාරිත්‍ර වාරිත්‍ර පද්ධති, ලොව වෙන අන් කිසිම පානයක් හා සමඟ බැඳී නැත.


තේ පුරාණය ද එසේය. තේ මුල් කොට ගත් සටන්, වා‚ජ ආරවුල් වැනි දේ සෙසු බීම වර්ග විකාශනයේදී සිදුවූයේ නොවේ. තේ වගාව තරමට, මානව ධෛර්යයට අභියෝග කළ මහා වැවිලි කර්මාන්ත ද, ඉතිහාසයේ එතරම් සුලභ නැත.


මෙතැනදී අත්‍යවශ්‍ය වන්නේ මේසා උච්ච ස්ථානයක වැජඹෙන තේ පානය, මානව වංශයේ පළමුවෙන් උද්ගත වූයේ කෙසේදැයි සෙවීමය.


‍තේ ප්‍රභවය, බොහෝදෙනා නොදන්නා තරම් ඈත අතීතයට විහිදෙයි. තේ අතීතය, විචිත්‍ර මිථ්‍යාප්‍රවාද, ජනකතා ආදියෙන් ගහනය.


ඒ සියල්ලෙන් ම, අනිවාර්යයෙන් ම ඔහුට වන එක් ස්ථාවර සත්‍යයක් වෙයි. තේ පානය ලෝකයාට උගන්වන ලද්දේ පැර‚ චීන දේශය විසිනි.


චීන දේශයේ තේ උපත පිළිබඳව කෙරෙන පර්යේෂණයන්හි දී මුණ ගැසෙන ඇතැම් ප්‍රවාද, ප්‍රබන්ධ කතා තරම් විචිත්‍රය.


චීන මිථ්‍යා කතාවකට අනුව, තේපානය, මුලින් ම ලොවට හඳුන්වා දෙන ලද්දේ, ෂෙන් නුග නම් චීන අධිරාජයා විසිනි. ඒ, ක්‍රිස්තු වර්ගයට පෙර 2737 දීය. එය සත්‍යයක් ආශ්‍රිත කතාවක් නම්, මානව ඉතිහාසයෙහි තේ පානයේ වයස, අදට අවුරුදු 4253 කි.


ෂෙන් හුං අධිරාජයාගේ භාවිතය උදෙසා, රාජ්‍ය සේවකයෝ, වතුර උණුකරමින් සිටියහ. සුළඟින් ගෙන එන ලද කොළ වර්ගයක්, ඒ උණුවන දිය බඳුනට වැටුණේය. ඒ අහම්ඛෙන් වැටුණු කොළ තැම්බුණු වතුර පානය කළ අධිරාජයා, අත්‍යන්ත ප්‍රබෝධයට පත්වූයේය. ඒ පානය නිසා තමන්ට, නව කායික ශක්තික් ලැබුණේ යැයිද, මානසික සංතෘප්තියක් අත්පත් වූයේ යැයිද, ප්‍රබල අධිෂ්ඨාන ශක්තියක් තමා තුළ උදා වූයේ යැයිද අධිරාජයා උදම් ඇණුවේය. උතුරන වතුරට වැටී තිබුණේ ‘කැමීල්ලියා සිනෙන්සිස්’ වර්ගයේ කොළයි. (තේ කොළයි). එතැන් පටන් චීනය තේ පානයට පුරුදු විය.


ඊටත් වඩා විස්මය දනවන ප්‍රවාදයක් ද තේ උපත හා බැඳී පවතී. එහි සාමයික පසුබිමක් ඇත.


‍මේ කතාවට මුල් වන්නේ, බෝධිධර්ම නම් බෞද්ධ ආචාර්යන් වහන‍්සේයි. ක්‍රිස්තු වර්ෂ සවන ශතවර්ෂයේ විසූ බෝධි ධර්ම ආචාර්යවරයා, ඉන්දියාවේ සිට චීන දේශයට අවුත්, චීන අධිරාජයාගේ අනුග්‍රහයෙන් චීන දේශයට ධ්‍යාන බුද්ධාගම උගැන්වූයේය. (භාවනාවට මුල්තැන දෙන මේ ධ්‍යාන බෞද්ධ ශික්ෂණය, ජපානයෙහිදී සෙන් යන නමින් පිහිටා සිටියේය.)


වරක් බෝධි ධර්ම ආචාර්යවරයා රෑ මුළුල්ලේ භාවනාවේ යෙදෙන්නට අධිෂ්ඨාන කළේය. එහෙත්, ඔහුට නින්ද ගියේය. සර්වරාත්‍රික භාවනාව කළ හැකි නොවීය. මේ වරදට ද~ුවම් දෙනු පි‚ස, ඔහු සිය ඇස් පිහාටු කපා විසි කළේය. නින්ද ගියේ ඇස් පිහාටුවල වරද නිසා යැයි ඔහු සිතූ හෙයිනි.


එහෙත්, විස්මයට මෙන්, ඒ ඇස්පිහාටු වැටුණු තැන, පැළෑටික් හටගත්තේය. ඒ පැළෑටියේ කොළ, ඇස්පිහාටු වැනිවිය. ඒ කොළ තැම්බූ වතුර පානය කළවිට නින්ද නොයයි. ඒ පැළෑටිය තේ පැළෑටියයි.


මෙවැනි ප්‍රවාද කවරාකාරයෙකින් ප්‍රභවය වුවද, සත්‍යය නම්, ලොවට තේ පානය පුරුදු කරන ලද්දේ චීන ජාතිකයන් විසින් බවයි. තේ පැළය හඳුන්වන උද්භිද විද්‍යා පදය ‘කැමීල්ලියා සිනෙන්සිස්’. (චීනයේ උපන් කැමීල්ලියා පැළෑටිය යන්න ඒ නමේ අරුතයි.)


ඉතා ඈත අතීතයේදී, නිරිතදිග චීනයේ ප්‍රභවය වූ තේ පැළෑටිය මුලින් භාවිත වූයේ බේත් පානයක් වශයෙනි. එහෙත් රසාස්වාදය තේ බීම ජනප්‍රිය කරන ලද්දේ පැර‚ චීන අධිරාජයන්ගේ මාලිග විසිනි. තේ පානය, මහා චීන දේශයේ උප සංස්කෘතියකට තුඩු දුන්නේ, ක්‍රිස්තු පූර්ව දෙවන ශතවර්ෂයේ පමණ සිටය.

කහට තේ පානය කිරීම නිසා මනැස පැහැදිලි වේ. චින්තනය නිරවුල්වේ˜ යැයි ඉපැර‚ චීන වෛද්‍ය ග්‍රන්ථයක කියවෙයි. තේ පානය, ආසියා කරයේ කොරියා, ජපන්, වියෙට්නාම් දේශවලට විහිදුණේ චීනයෙනි. ඉන්දියාවේ හිමාල පර්වතය පාමුල ඇතැම් පෙදෙස්වල ‍තේ ගස, ස්වාභාවිකව උසට වැඩුණද, රසාස්වාදය සඳහා තේබීම, ඉන්දියාවට පැර‚ යුගයන්හි පුරුදු වී තිබුණෙ නැත.


ලෝකයට තේ පානය පුරුදු කරමින්. තේ මහා වා‚ජ ව්‍යාපාරයක පදනම බවට පත්කරන ලද්දේත් චීනය විසිනි. බි්‍රතාන්‍ය පෙරදිග ඉන්දියා සමාගම විසින් ආරම්භ කරන ලද චීන - බි්‍රතාන්‍ය තේ ව්‍යාපාරයේදී, චීන තේ, ගෙනයෑම සඳහා, ප්‍රබල නැව් වර්ග තැනි‚. මේ තේ නැව් වලින් අතිශයින් ම ඓතිහාසික නෞකාවක් වන ‘කට්සාක්’ නම් රුවල් නැවේ ආකෘතියක් දැනටත් බි්‍රතාන්‍යයේ ග්‍රිනිච් හි ප්‍රදර්ශනය වේ. මේ තේ නැව් හැඳින්වූයේ ‘ක්ලිපර්’ නමිනි.


ජගත් තේ ව්‍යාපාරයේ පුරෝගාමී චීනය, තේ නිෂ්පාදනයේ මූලික අං‍ගෝපාංග ලොවට තිළිණ කළේය. වෙනෙකක් තබා තේ දලූ‍ නෙළන කාන්තාවන් ප්‍රථම වරට ජගත් තේ ඉතිහාසයට එක්වූයේ චීනයෙනි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
 





No comments:

Powered by Blogger.