Header Ads

නෙල්ලි සිරප් ,ෂැම්පු නිවෙසේදීම හදමු - හිසකෙස් රෝග රැසකට විසඳුමක්ඔබත් අනිවාර්යෙන් හිසකෙස් රැක ගන්න මෙන්න මේ ඔසුව ගැන දැනගන්න.


නෙල්ලි සිරප් ,ෂැම්පු නිවෙසේදීම හදමු - හිසකෙස් රෝග රැසකට විසඳුමක්ඔබත් අනිවාර්යෙන් හිසකෙස් රැක ගන්න මෙන්න මේ ඔසුව ගැන දැනගන්න.

නෙල්ලි යනු ඖෂධීය ගුණ රැගත් ඉතාම වටිනා ශාකයකි. පුරාණ කාලයේ සිටම නෙල්ලි ශාකයේ සියලූ‍ම කොටස් විවිධ ඖෂධ නිපදවීමට අවශ්‍ය විය. නෙල්ලි ශාකයේ කොළ, දලූ‍, පොතු, ගෙඩි මෙයාකාර විවිධ ලෙඩ රෝග නැසීමට මහත් සේ උපකාරී වෙයි.


නෙල්ලි සිරප්


ශරීරයේ රක්ත පිතවාතය සමනය කිරීමට රුධිරය පිරිසුදු කිරීමට, උගුරු බැරැණ්ඩි වීම වැළැක්වීමට, සෙම්ගෙඩි ඉවත් කිරීමට හා කැස්ස රෝගයෙන් පෙළෙන ඔබට නෙල්ලි සිරප් දිව්‍යමය ඖෂධයකි. නෙල්ලි සිරප් සාදා ගන්නේ මෙසේයි.

නෙල්ලි ගෙඩි 200

අසමෝදගම් ඇට කළං 12

කරදමුංගු කළං 2

රන්වන් පාටට පිසගත් සීනි ස්වල්පයක්z_ච-37-භැකකස


ඉහත ද්‍රව්‍ය හොඳට කොටා එයට වතුර බෝතල් 2ක් දමා එක බෝතලයකට හින්දන්න. පසුව සීනි පැ‚ කර නූලක් සේ ඇදෙන විට ඉහත හින්දාගත් ඖෂධය එයට දමන්න. පසුව මඳගින්නේ රත්කරගෙන බෝතලයකට දමා ගන්න. මෙය ඖෂධීය ගුණ රැගත් නෙල්ලි සිරප් එකකි.


මලපහ කිරීමේ පහසුවට, අර්ශස් රෝගයට කාන්තාවන්ගේ ඇඟ උණු කරවා යනවාට මාසික ඔසප්වීමේ ඇතිවන වේදනාවන් සඳහා,

නෙල්ලි ශාකයේ ගෙඩි, මුල්, පොතු, අරළු, බුළු, එකට තම්බා උදේ හවස පානය කරන්න.

නෙල්ලි හොඳින් වේළන්න. ඇට ඉවත් කර කුඩු කරගන්න. කෝපි මෙන් පානය කිරීම සුදුසුයි.8 ජදචහ.වචට


මුත්‍රා දැවිල්ලට

• අමු නෙල්ලි ඇට ඉවත් කර සූදුරු සමඟ තැඹිලි වතුරට දමා උදෑසන පෙරා බොන්න.

• උගුරේ ආබාධ සෙම සිරවීමට

• වැල්මී සමඟ නෙල්ලි ගෙඩි තම්බා බීම

• අමු නෙල්ලි ආහාරයට ගැනීම

• ආමාශගත රෝග, වමනය, අක්මාව ආශි්‍රත රෝග සඳහා

• නෙල්ලි ශාකයේ පොතු, සූදුරු, කොත්තමල්ලි සමඟ තම්බා බීම

• නෙල්ලි ශාකයේ කොළ, • පොල් දමා මැල්ලූ‍මක් සේ පිසගෙන ආහාරයට ගැනීම


හිසකෙස් රෝග සඳහා

අමු නෙල්ලි, අමු කහ හොඳින් අඹරන්න. කොහොඹ තෙල් ස්වල්පයක් එක් කර හිසේ තවරන්න. විනාඩි 45ක් පමණ මසාජ් කර වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් හිස සෝදා හරින්න.


නෙල්ලි ෂැම්පු

මැටි බඳුනක් ගෙන එයට නෙල්ලි, අමු කහ, සැවැන්දරා මුලක්, සුවඳ කොට්ටං මිශ්‍ර කොට එය හොඳින් කොටා රෙදි කඩකින් ගැට ගසන්න. පසුව එය දින 3ක් පොළොවේ යට වළලන්න. 4 වැනි දවසේ කපුටන් හැ~ලීමට පෙර ගොඩට ගෙන නැවත හොඳින් පොඩිකර ගන්න. (බ්ලෙන්ඩරයෙන් පෙණ එන තෙක් පොඩි කර ගන්න)


පසුව හිසට දමා විනාඩි 45ක් පමණ තබා මසාජ් කර වෙරළු සහ වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් හිස සෝදා හරින්න.

මේ ඖෂධය හිසකෙස් සම්බන්ධ ගැටලූ‍ නිරාකරණය කර ගැනීමට, විෂබීජ ඉවත් කිරීමට උදව් වෙයි. මේ ඖෂධයෙන් හමට කිසිදු හානියක් නොවේ.


අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.