Header Ads

Green tea මේ තරම් ජනප්‍රිය වුනේ මෙන්න මේ විශ්මිත රහස් හින්දා.


Green tea මේ තරම් ජනප්‍රිය වුනේ මෙන්න මේ විශ්මිත රහස් හින්දා.


Green tea බොන්නන් වාලේ බීලා වැඩක් වේවිද? – ග්‍රීන් ටී පානය කරන්න අද බොහෝ දෙනෙක් යොමුවෙලා. වර්තමාන ජීවන රටාවත් සමඟ තරබාරුවන ශරීරය කෙට්ටු කරගන්නත් ශරීරයේ හැඩය නිසි ආකාරයට පවත්වා ගන්නත් මේ විදිහට ඔවුන් ග්‍රීන් ටී පානය කරනවා.

නමුත් බොහෝ දෙනෙක් මෙය පානය කළත් එහි ඇති වැදගත්කම පිළිබඳනම් හරිහැටි අවබෝධයක් නැහැ. ඒනිසා මේ දැනුවත්බව ඔබට වඩාත් වැදගත් වේවි.

Green tea මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව කුමක්ද ?
ග්‍රීන් ටීවල ඇති සෞඛ්‍යයට හිතකරබව මීට ප්‍රධාන හේතුවයි. අද ලෝකයේ බොහෝ රටවල ග්‍රීන් ටී සම්බන්ධව පර්යේෂණ සිදුකර, එහි ඇති රසායනික සංයුතිය හා සෞඛ්‍යමය වටිනාකම පිළිබඳ ඔප්පුකර තිබෙනවා. එසේම අද ගැහැනු පිරිමි භේදයකින් තොරව ගෙවන කාර්යබහුල, තරගකාරී ජීවන රටාව තුළ තම සෞඛ්‍ය, පෝෂණය පිළිබඳ වෙන්කළ හැකි කාලය ඉතා සීමා සහිතයි.
ඒ නිසා තමා දෛනිකව ගන්නා තේ කෝප්පයෙන් පවා පෝෂණය හා සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීමට බොහෝ දෙනා උත්සුක වෙයි. ඒ නිසා අද ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේත් ග්‍රීන් ටී භාවිතය දිනෙන් දින ජනප්‍රිය වෙමින් පවතී.
Green tea වලින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද ?
රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකර තවත් රෝග ඇතිවීමේ හැකියාව අඩුකරයි. පටකවලට යටින් තැන්පත්ව ඇති මේද ස්ථරය දියකර තරබාරුව අවමකරයි.
එමෙන්ම ලබාගන්නා ආහාරවල මේදය අවශෝෂණය අඩුකරයි. තවද මොළයේ ක්‍රියාකාරිත්වය උත්තේජනයකර මතකය, අවබෝධ ශක්තිය වැඩිකර, ආතතිය පාලනය කරයි. පිළිකා සෛල ඇතිවීම පාලනය කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණය මඟින් ශරීරය, ඉන්ද්‍රිය වියපත්වීම / වයස්ගතවීමේ ලක්ෂණ ඇතිවීම පාලනයකර තරුණබව ඇති කරයි. වයස් ගතවීමේදී ඇතිවන ස්නායු ආබාධ සන්ධි රෝග, මානසික ආබාධ ඇතිවීමේ හැකියාව අවම කරයි. මේ සියලු ප්‍රතිලාභයන් සමඟ ප්‍රතිශක්තිය වැඩිකරමින් නිරෝගී භාවය වැඩි කරවයි.

වෙළෙඳපොළේ විවිධ ආකාරයෙන් ගිලින කරල්, තේ බෑග්, කුඩු, දියර ලෙස තිබෙනවා. මේවායේ වෙනසක් තිබෙනවද?
ඔව්. වෙළෙඳපොළේ ග්‍රීන් ටී කුඩු හා දියර ලෙස ප්‍රධානව පවතිනවා. මෙය ආකාර දෙකකට නිෂ්පාදනය කරන දෙයක්. Camellia Sinensis තේ ශාකයේ ඉහළම දළු නෙලාගෙන, ඉතා අඩු උණුසුමකට ලක්කර ඔක්සිකරණ ක්‍රියාවලියක් සිදු නොකර හරිත තේ නිෂ්පාදනය වේ.
මෙසේ තනාගත් තේ දළු කුඩු කිරීමට පෙර කැබලි කිරීමේ ක්‍රියාවලියකින් ටී බෑග් හෝ තේ කුඩු ලෙස හරිත තේ වෙළෙඳපොළට පැමිණෙයි.
දියර හරිත තේ නිෂ්පාදනයේදී විශේෂිත එන්සයිම ක්‍රියාවලියකින් එහි ඇති Cahachins හා වෙනත් ක්‍රියාකාරි සංඝටක පිටතට ගෙන සකසා ගනියි.
එනිසා මෙම රසායනික සංයෝගය ඉතා ඉහළ සාන්ද්‍රණයකින් පවතියි. ක්‍රියාකාරි සංයෝග නිෂ්පාදන ක්‍රියාවලියේදීම නිස්සාරණය කරගන්නා නිසා තේ කෝප්පය සාදා ගැනීමේදී සම්පූර්ණයෙන් දියවේ.
එසේම අවශෝෂණය වීමද සාපේක්ෂ ලෙස වැඩිය. සාමාන්‍ය හරිත තේ කෝප්ප හයකින් ලැබෙන ගුණය අධිසාන්ද්‍ර දියරමය හරිත තේ කෝප්ප එකකින් ලබාගත හැකිවීම විශේෂත්වයකි.

හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ?
මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.
මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.
ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.

හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ?
හරිත තේ භාවිත කරන්නාගේ අරමුණ අනුව භාවිත කළයුතු වෙලාව වෙනස් වේ. තරබාරු හෝ රුධිරගත කොලෙස්ටරෝල් පවතින අයෙක් භාවිත කළයුතු වන්නේ ප්‍රධාන ආහාර වේල්වලට විනාඩි 15 කට පෙර හෝ පසුවයි. නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදිද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.


                               අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
                              සිංහල  ඔන්ලයින්  

          අපේ page එකට like එකක් දාලා share කරන්න



No comments:

Powered by Blogger.