Header Ads

ඔබටත් සුදු වෙන්න ඕනේ නම් මෙන්න මේ රස ගුණ ඇති දෙළුම් කන්න ඔබට හිතාගන්නවත් බැරි විදියට ඔබේ සිරුර පැහැපත් වෙයි.


  ඔබටත් සුදු වෙන්න ඕනේ නම් මෙන්න මේ රස ගුණ  ඇති දෙළුම් කන්න ඔබට හිතාගන්නවත් බැරි විදියට ඔබේ සිරුර  පැහැපත් වෙයි.

සුදු වෙන්න ඕනේ නම් දෙළුම් කන්න

ඇත්තටම අපි සුදු වෙන්න කියලා ගොඩක් කෘතීම රුපලාවන්‍ය නිෂ්පාදන වලට සල්ලි අධිකව වියදම කරනවා. නමුත් ඒ දේවල් වලින් ලැඛෙන ප්‍රතිපල ඉතා තාවකාලිකයි. නමුත් ස්වාභාවික දේවල් වලින් අපේ ශරීරයට ලැඛෙන ගුණ නම් හැමදාම පවතිනවා. අප අවටම තිඛෙන නමුත් අපි ප්‍රයෝජන නොගන්නා ස්වාභාවික පලතුරු එමටයි. ඒ අතරින් දෙළුම් කියන්නේ විශ්මිත ගුණ තියෙන පළතුරක්. ඔබේ මුහුණ සුදු කරන දිව ඔසුවක්.ීනසබ උයසඑැ


ගොඩක් අය දෙළුම් කියන පලතුර හදුන්වන්නේ පලතුරු පවූලේ හැඩකාරිය ලෙසයි. එහෙම කියන්නේ දෙළුම් ඉතා ආකර්ශනීය පෙනූමින් දිස්වෙන සෞම්‍ය අලංකාර පලතුරක් නිසා. ඒ වගේම දෙළුම් කන්න හැමෝම වගේ ඉතා කැමතියි . ඒ දෙළුම් ඉතා ප්‍රනීත පලතුරක් නිසාත්, දිනපතාම දකින්නට නොලැඛෙන පළතුරක් නිසාත් වේ. වර්තමානයේ නිවෙස්වල එක ගසක් හෝ දකින්නට නොලැබූණත් අතැම් පැර‚ නිවෙස්වල දෙළුම් ගසක් වවා තිබූණේ එහි තිඛෙන දිව්‍යමය ඔසූ ගුණයක් අපේ වැඩිහිටි උදවිය දන්නා නිසාවෙනි.


මෙම ගෙඩියේ බීජ මිනිසාගේ දත්වලට සමාන බැවින් දන්ත බීජ යනූවෙන් ද හඳුන්වයි. ඉංග්‍රීසි නාමයෙන් ෆොමග්‍රනේටි යනූවෙන් හඳුන්වන දෙළුම් රස අනූව එනම් මධූර රස, මධූරාම්ල, අම්ල රස යනූවෙන් ද ප්‍රභේද 3 කින් හඳුන්වයි. එමෙන්ම ප්‍රදේශ අනූවත් රස වෙනස්වන අතර ශ=ෂ්ක ප්‍රදේශවල වැවෙන පලතුරක් විදියට හඳුන්වන්නට පූළුවන්. කහට රසින් යූතුවන දෙළුම් ඉතා මිහිරි පළතුරක් මෙන්ම ඖෂධ ලෙස ශාකයේ පංචාංගයම යොදා ගැනේ.


ආයූර්වේදයේදී නාසයෙන් ලේ ගලන අවස්ථාවලදී නස්න කිරීම සඳහා දෙළුම් මල් යොදාගනී.


රක්ත අර්ශස් රෝග වලදී දෙළුම් පොතු හා දෙළුම් ලෙලි යොදා ගැනීම මගින් ඛෙහෙත් සකස් කර ගන්නවා.


ඒ වගේම ඔබට කෑම අරුචිය ඇති නම් දෙළුම් කියන්නේ එකට ඉතා කදිම ඔසූවක්.


දෙළුම් ආහාරයට ගැනීමෙන් බඩගිනි ඇතිවීමක් ද සිදු වෙනවා . ඒ වගේම දෙළුම් කොළ යූෂ ඇතැම් කාන්තාවන්ගේ ගර්භාෂය පහත් වන අවස්ථාවලදී තවත් ඖෂධ සමග මිශ්‍රකර ගනූ ලැබේ.


මූත්‍රා රෝග වලට ගුණ දෙන දෙළුම් කොළ ඔබගේ දෑස් නිරෝගී කරන මාහැගි ඛෙහෙතකි.


උෂ්ණකාලවලදී දෑස්වල හටගන්නා රෝගකාරක වල විෂබීජ නසන විෂබීජ නාශකයක් ලෙස ඇස් සෝදන්නට දෙළුම් යුෂ යොදාගනී. මෙයින් ඇස්වලට ප්‍රාණවත් බවක් ද ලැබේ.


එලෙසම ඇතැම් උෂ්ණාධික සිරුරු හිමි අයට නිතරම වාගේ ඇතිවන මූඛ ආසාදන, තුවාල, පැලීම් ආදියට ද දෙළුම් කොළ තම්බා මූඛය සේදීම ඉතාමත් ගුණ බව ආයූර්වේද වෛද්‍යවරුන්ගේ අදහසයි.


දෙළුම් පොතු කුඩා දරුවන්ට වැළදෙන පණූ රෝගවලට යොදාගනී.


ලදෙළුම් ගැට, අතීසාර රෝගයට සූවයක් ලබාදෙයි. උදරාබාධ ඇතිවිටත්, සිරුර ඉදිමූණූ අවස්ථාවලටත් යොදා ගන්නා මනරම් ශාකයක් හැටියට පෙන්වාදීමට පූළුවනි.


දෙළුම් කොතරම් රෝගවලට ගුණ මූත් විශේෂයෙන් සඳහන් කළ යූතු දෙයක් තිබේ. ආයූර්වේද වෛද්‍යවරුන් පෙන්වා දෙන විදියට ඔබ දෙළුම් ආහාරයට ගන්නේ නම් ඒ මගින් ඔබේ හදවත නිරෝගී කරනවා. හදාවත් රෝග වලින් ඔබව ඈත් කරනවා.


ග්ලූ‍කෝස් වලින් පොහොසත් වන දෙළුම් පොටෑසියම්, විටමින් සී, ජලය සහ අනෙකුත් විටමින් වලිනූත් සමන්විත පලතුරකි.


සෙම වියළී තිඛෙන රෝගීන්ට දෙළුම් ඇට හා තවත් ඖෂධ වර්ග මිශ්‍රකර මී පැ‚ සමග කෂාය පානය කිරීමට දීමෙන් සූවයක් ලබාගත හැකිවනූ ඇත.


දෙළුම්වලට සම පැහැපත් කිරීමේ ගුණයක් ඇත. විශේෂයෙන් අපේ අම්මලා කුඩා දරුවන්ට දෙළුම් යූෂ පානයට දෙන්නේ මේ හේතුව නිසා විය හැකිය.


ආයූර්වේද ශල්‍ය වෛද්‍ය

ඩී. එච්. තෙන්නකෝන්

ආයූර්වේද ශිකෂණ රෝහල.


අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.