Header Ads

ඔබේ මහපට ඇගිල්ලේ නියපොත්ත වැවෙන්නේ හමට ඇලිලද? මෙන්න එය සුව කරගන්න කදිම විසදුමක්.


 ඔබේ මහපට ඇගිල්ලේ නියපොත්ත වැවෙන්නේ හමට ඇලිලද? මෙන්න එය සුව කරගන්න කදිම විසදුමක්.


ඇතැම් පුද්ගලයන්ගේ පාද වල මහපට ඇගිල්ලෙ එක් පැත්තකින් හෝ පැති දෙකේම නියපොත්ත හමට ඇලී වැඩෙන ආකාරය දැකගන්න් අපුළුවන්. මෙම තත්වය ආකාර කීපයකින් සිදු වෙන්න පුළුවන්.


මෙම තත්වය ඔබට විවිධ ආකාරයට සුව කරගත හැකි නමුත් මේ ලිපිය මගින් කියන්න යන්නේ මේ තත්වය ඔබට නිවසේදීම සුව කරගත හැකි ආකාරයක් ගැනයි.

ඔබගේ නිය නිසි ආකාරව වර්ධනය වෙනවානම් ඔබගේ ඇගිලි වල සමට කිසියම් හෝ ආකාරයකට පීඩාවක් ඇති කරන්නේ නෑ. ඔබටත් එසේ වේදනාවක් දැනෙනවානම් මෙම ලිපියේ ඇති ආකාරයට ක්‍රියා කල විට ඔබට එම වේදනාකාරි තත්වයෙන් මිදෙන්නට පුළුවන්.


මෙම තත්වය මගහැරවා ගැනීමට ඔබ කලයුතු දේ


පළමුව ඔබ සෝඩියම් බයිකාබනේට් මේස හැදි තුනක් ජලය ලීටර් පහකට එකතු කරන්න. (ඔබට ලූ‍ණු එකතු කරගත හැකිය). ඉන්පසුව ඔබගේ පිඩාකාරී තත්වය ඇති නියපොතු සහ එම නියපොතු අවට සම හොදින් සෝදා තෙත් කරගන්න. මෙමෙ අවස්ථාවේදි ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 කට වාඩා වැඩි නොවිය යුතුය.


ඉන් පසුව පිරිසිදු පුළුන් කැබැල්ලක් ගෙන එය හොදින් ප්‍රතිබැක්ටීරියා කාරක ක්‍රීම් එකක පොගවා අදාල නියපොත්ත මදක් උඩට ඔසවා ඔබේ නියපොත්ත සහ නියපොත්ත යටි සම අතර තබන්න. ඔබට අවශ්‍යනම් නම් වෙලූ‍ම් පටියක් ආදාරයෙන් නියපොත්ත වටේ වෙලා ගත හැකිය.


පැය 24 ගත වූ පසු ඔබ එම වෙලූ‍ම් පටිය ඉවත් කර පුළුන් කැබැල්ල ඉවත් කරගන්න. එම ආකාරයටම මෙම ක්‍රමය දින 15 නොකඩවා අනුගමනය කරන්න. ඔබේ නිය එම කාලය ඇතුලත හොදින් වැඩේවී.

පළමු අවස්ථාවේදී ඔබගේ නිය පොත්ත ඉහලට ඔසවා පුළුන් කැබැල්ල තබා ගැනීමට අපහසුවක් දැනුනේ නම් ඔබ කලයුත්තේ සරල මිශ්‍රණයක් සාදා ඒ මත තැබීම හෝ කෝමාරිකා ස්වල්පයක් ඒ මත තැබීමයි. එම මිශ්‍රණය සාදා ගැනීමට ඔබ කලයුත්තේ හොදින් අඹරා හත් සුදු ලුණු වලට කාබනික මී පැ‚ මේස හැන්දක් කවලම් කිරීමයි.


මෙම ක්‍රමය අනුගමනය කිරීමේදී ඉතා වැදගත් දෙය වන්නේ ඔබ දිනපතා මෙම පුළුන් කැබැල්ල සමත් නියපොත්තත් අතර මාරු කරන අවස්ථාවේදී සම මෘදුව තබා ගැනීමයි.

ඔබ මෙම ක්‍රියාව සිදු කිරීමේදී ඔබ ඔබගේ නියපොත්ත අසල සැරව දුටුවේනම් වහාම ඔබ ඔබගේ වෛද්‍යවරයාව හමුවන්න

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.