Header Ads

ඔබගේ මුහුණේ සම රැළිවැටීම වලක්වන විශ්මිත ක‍්‍රම 7ක් මෙන්න



 ඔබගේ මුහුණේ සම රැළිවැටීම වලක්වන විශ්මිත ක‍්‍රම 7ක් මෙන්න



ගැහැණු පිරිමි වෙනසක් නැතිව පිඩාවට පත්කරන තවත් එක් දෙයක් ලෙස මුහුණේ රැලි වැටීම හදුන්වන්න පුළුවන්. බොහෝවිට වයසට යාමත් සමග සිදු වෙන වෙනස්වීම් නිසා සහ වෙනත් හේතු නිසාද මුහුණේ සම රැලි වැටි වයසක පෙනුමක් ඇති කරන්න පුළුවන්.



මුලින්ම බලමු සම රැලි වැටීමට බලපාන හේතු.

- දුම්පානය

- ආතතිය

- පෝෂණ උනතා

- විජලනය

- හිරු එලියට නිරාවරණය වීම

- වයසට යාම

- නින්ද අඩු කම

- ව්‍යායාම නොමැතිකම

- සම පිළිබද අවධානය යොමු නොකිරීම

- අපවිත‍්‍රකම

- ඉක්මන් ශරීර බර අඩුවීම

- මුහුණේ ස්වභාවය

ස්වභාවික අමුද‍්‍රව්‍ය යොදාගෙන සම රැලිවටීම් වලක්වන විධි

1. කෝමාරිකා සහ විටමින් ෑ මාස්ක්

කෝමාරිකා වල ඇති විටමින් සහ ඛනිජ සම තෙතමනය කර පුබුදුවාලයි. කෝමාරිකා වල ඇති මලික් අම්ලය මගින් මහලු පෙනුම ඇතිවීම වලක්වයි. විටමින් ෑ වල ඇති ප‍්‍රති ඔක්සිකාරක සහ තෙතමනය ලබාදීමේ හැකියාව මගින් සම රැලි වැටීම අඩු කරයි.

අවශ්‍ය දේ

- කෝමාරිකා ජෙල් මෙසහැදී 1ක්

- විටමින් ෑ කරල් 1ක්

කුඩා කෝප්පයකට කොමරිම ජෙල් එකතුකර එයට විටමින් ෑ කරලා කඩා එකතු කරන්න. මිශ‍්‍ර කර මුහුණේ රැලි වැටුණු තැන්වල ආලේප කරන්න. විනාඩි 2-30 පමණ සිට සෝදා තෙතමාත්තු කරන්න. දිනපතා මෙය රැලි ඉවත්වන තුරු කරන්න.

2. කෙසෙල් මාස්ක්

කෙසෙල්වල ඇති සමට හිතකර මැග්නීසියම්, පොටසියම් යකඩ සින්ක් සහ විටමින් A, ඊ, ෑ සහ ත‍ වියපත් පෙනුම නැති කරයි.

අවශ්‍ය දේ

- ඉදුන කෙස් ගෙඩි 2ක්

- බ්ලෙන්ඩරයක්

ලේලිගසා කෙස් ගෙඩි කැබලි වලට කපා ගන්න. මේවා බ්ලෙන්දරයට දමා මෘදු අලෙපනයක් වනතෙක් බ්ලෙන්ඞ් කර ගන්න. මිශ‍්‍රණය මුහුණේ සහ ඛෙල්ලේ ගලවා විනාඩි 25-30 කට පසු මද උණුසුම් වතුරින් සෝදා දමා තුවායකින් පිස ගන්න. මෙය සතියට 3න් වරක් කරන්න.

3.අමොන්ඞ් සහ කිරි මාස්ක්

ආමන්ඞ් වල ඇති විටමින් ෑ ෆෝලික් අම්ල සහ ඔලික් අම්ල රැලි වැටීම අඩු කර තිඛෙන රලිවටිම්ද නැතිකර දමයි. කිරි වල ඇති හයිද්‍රෝක්සි අම්ල , ප‍්‍රති ඔක්සිකාරක සහ ඊ කොම්ප්ලේස් වලින් සමේ ජදකක්ටැබ ප්‍රෝටීනය උත්තේජනය කර සමේ ඇදෙන සුළුබව වැඩි දියුණු කරයි.

අවශ්‍ය දේ

- ආමන්ඞ් ගෙඩි 4-5ක්

- එළකිරි කෝප්ප ¼

- ග‍්‍රයින්ඩරයක්

ආමන්ඞ් ගෙඩි රැුයක් එළකිරි වලට දමා පොගවා ගන්න. පසුදින පොගවගත් ආමොන්ද වල පොත්ත ඉවත් කරන්න. කිරි සමගම ආමොන්ඞ් බ්ලෙන්දරයට දමා මෘදු අලෙපනයක් වනතුරු බ්ලෙන්ඞ් කරගන්න.. මෙම ආලේපනය රැුලිවටුණු තැන්වල ගලවා විනාඩි 15- 20 සිට මද උණුසුම් වතුරින් සෝඩා දමන්න. දිනපතා කරන්න.

4. කිරිපිටි සහ මීපැ‚ මාස්ක්

මීපැ‚ සම තුලට කාවැදී සමට තෙතමනය ලබා දේ. සම ආරක්ෂා කරයි.

අවශ්‍ය දේ

කිරිපිටි මේස හැදී 4-5ක්

මීපැ‚ මෙසහැදී 4ක්

උණු වතුර මෙසහැදී 4ක්

කුඩා කෝප්පයකට කිරිපිටි එකතුකර ගන්න. ඉන්පසු එයට උණු වතුර සහ මීපැ‚ එකතු කරන්න.හොදින් මිශ‍්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15-20 වේලෙන්නට හැර මද උණුසුම් වතුරින් සෝඩා දමන්න. සතියට 3න් වරක් කරන්න.

5. පැපොල් මාස්ක්

අවශ්‍ය දේ

- ඉදුණු පැපොල් කෝප්ප ¼

- ගෑරුප්පුවක්

පැපොල් කබකි ගෑරුප්පුව මගින් චප්ප කර ආලේපය ලෙස හදා ගන්න.. මෙය මුහුණේ සහ ඛෙල්ලේ තවරා ගන්න. ඇස් අසල තවරා ගන්න එපා. විනාඩි 10-15 වේලීමට සිට වතුරින් සෝදා වියලා ගන්න. සතියට 3න් වරක් කරන්න.

6. මීපැ‚ සහ තක්කාලි මාස්ක්

තක්කාලි ප‍්‍රති ඔක්සිකාරක බහුල පලතුරකි. එහි අඩංගු විටමින් ජ සහ අනෙක් සමට හිතකර පෝෂක මගින් සම පෝෂණය කර

වයසට යනබව කල්දමයි.

අවශ්‍ය දේ

- මීපැ‚ මේස හැදී 2

- තක්කාලි ගෙඩි 1

තක්කාලි ගෙඩිය බ්ලෙන්දරයට දමා තත්පර 20ක් පමණ බ්ලෙන්ඞ් කර පල්පයක් ලෙස හදා ගන්න. මෙය කුඩා කෝප්පයකට දමා මීපැ‚ ද එකතු කර ගන්න. හොදින් මිශ‍්‍ර කර මෙම මිශ‍්‍රණය මුහුණේ සහ නළලේ ඈති රැලිවටීම් මුලික කරගෙන අලේප කරගන්න. විනාඩි 20-30ක් වේලෙන්නට තබා මද උණු වතුරින් සෝඩා දමන්න. සතියට 3න් වරක් කරන්න.

7. අන්නාසි මාස්ක්

අන්නාසිවල ඇති ගුණ ස්වභාවිකව සමේ රැලි නැතිකර දමයි. එහි අඩංගු බ්රෝමෙලින් (ඊරදපැක්සබ) එන්සයිම මගින් සම අලුත් කර රැලි අඩු කරයි.

අවශ්‍ය දේ

- නැවුම් අන්නාසි කැබලි කෝප්ප ¼

අන්නාසි කැබලි බ්ලෙන්ඩරයට දමා විනාඩි 2-3ක් හොදින් බ්ලෙන්ඞ් කර ගන්න. මෙම පල්පය පෙනේරයක් මගින් පේර යුෂ වෙන් කර ගන්න. මෙම අන්නාසි යුෂ මුහුණේ ආලේප කර විනාඩි 20-30 වේලෙන්නට හරින්න. ඉන්පසු සෝඩා දමා තෙතමාත්තු කරගන්න. දිනපතා මෙය කරන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.